ඉදිරි කාලයේ සාගතයක් පැමිණෙන බව පැවසේ නම් කළ යුත්තේ ජනතාවක් ලෙස කළ යුත්තේ තම තමන්ගේ ගෙවතුවල එළවළු වැවීම මිස එකි`නෙකාට දෙස් දොවොල් තබා ගැනීම නොවන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.වගාව සඳහා පොඩි ඉඩමක් හෝ නොමැති නම් නිවාස තුළ වුව එළවළු වගා කළ යුතු බව ඇමතිවරයා යෝජනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. ලබන “සිංහල අවුරුද්ද වනවිට ආහාර අහේනියක් එනවා කියලානෙ කියන්නෙ.
ඒ වගේ අහේනියක් ඇති නොවන විදිහට එළවළු සඳහා ආහාර අතිරික්තයක් ඇති කරගන්න වගා සංග්‍රාමයක් කෙටි කාලීනව පටන් ගැනීම තමයි විසඳුම වෙන්නේ.හැබැයි ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය නිසි මගපෙන්වීමක් නම් කරන්න වෙනවා. යැයි ද වෙළෙඳ ඇමතිවරයා කීය.