මේ වන විට දෛනික භුමිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 100 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. සාමාන්‍යයෙන් දෛනික ඉල්ලුම මෙට්‍රික්ටොන් 500 ක් පමණ වෙයි. එහෙත් මේ වන විට එම ඉල්ලුම මෙට්‍රික්ටොන් 600 ඉක්මවා ගොස් ඇත. හිගයකින් තොරව භූමිතෙල් වෙළෙඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි එම සංස්ථාව පවසයි. ධීවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල්ද අවශ්‍ය පරිදි සැපයේ.මේ දිනවල පවතින ගෑස් අනතුරු බහුල වීම සහ ගෑස් හිඟය මෙම තත්වයට හේතු වී ඇතැයි පැවසෙයි.