කොවිඞ් වයිරසය ද පැතිරෙන්නට පටන් ගත් චීනයෙන් පසුගිය දිනවල වාර්තා වූ තවත් අලූත් වයිරසයක් නිසා මේ දිනවල ලෝකය පුරා යම් නොසන්සුන්තාවක් ඇති වී තිබේ. මේ ගැන ලංකාවේ ද අවධානයක් යොමු වී ඇති අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ද මෙම වයිරසය සම්බන්ධයෙන් කතා වෙනු දක්නට ලැබිණි. වයිරසය ගැන ජනතාව තුළ යම් බියක් ඇති වී තිබෙන බව පැවසූ මන්තී‍්‍රවරයෙක් මෙයට අදාළව රජය කවර පියවරක් ගෙන ඇත්දැයි ප්‍රශ්න කළේය. ඊට පිලිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේ සෞඛ්‍ය අංශ මේ ගැන දැඩි අවධානයෙන් පසුවන බවයි. වයිරසය ආසාදනය වූවකු ගැන වාර්තා වූ සැණෙන් ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
වයිරසය හැඳින්වෙන් හියුමන් මෙටානියුමොවයිරස් (Human Metapneumovirus- HMPV) යන නමිනි. චීනයෙහි මෙය වේගයෙන් පැතිරෙමින් ඇති බවත්, රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මේ අතර ආසියාවේ තවත් රටවලින් ද මෙය ආසාදනය වූ රෝගීන් වාර්තා වෙන්නට පටන් ගත්තේය. අප අසල්වැසි ඉන්දියාවෙන් ද මේ වනවිට ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. මේ නිසා ලංකාවට ද මෙයින් තර්ජනයක් එල්ල වන බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙම වයිරසය හැඳින්වෙන් හියුමන් මෙටානියුමොවයිරස් (Human Metapneumovirus- HMPV) යන නමිනි. චීනයෙහි මෙය වේගයෙන් පැතිරෙමින් ඇති බවත්, රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මේ අතර ආසියාවේ තවත් රටවලින් ද මෙය ආසාදනය වූ රෝගීන් වාර්තා වෙන්නට පටන් ගත්තේය. අප අසල්වැසි ඉන්දියාවෙන් ද මේ වනවිට ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. මේ නිසා ලංකාවට ද මෙයින් තර්ජනයක් එල්ල වන බව අමුතුවෙන් කිව යුතු නැත. කොවිඞ් කාලයේ මෙන්ම මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම වැනි ආරක්ෂක පියවර ගන්නා මෙන් ඉන්දියානු සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.
මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඉන්දියාවෙන් රෝගීන් අට දෙනෙකු වාර්තා වී තිබිණි. මෙම රෝගීන් වාර්තා වී තිබුණේ කර්ණාටක, තමිල්නාඩු, ගුජරාත්, මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවලිනි. ඉතා කුඩා දරුවන් ද මෙම ආසාදිතයන් අතර සිටින බව වාර්තා විය.
මැලේසියාව වැනි රටවලින් ද මේ වනවිට HMPV ආසාදිතයන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
HMPV වයිරසය ද කොවිඞ් වයිරසය මෙන්ම ශ්වසන ආබාධ ඇති කරන වයිරසයකි. තවමත් මෙයට ප්‍රතිකාරයක් සොයාගෙන නැත. මෙම වයිරසයෙන් මූලිකව ඇතිවන රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යා තත්වය, හිසරදය වැනි එ්වායි. නමුත් ඇතැමුන් තුළ නියුමෝනියාව වැනි දරුණු තත්වයන් ඇති වීමට ඉඩ තිබේ. මෙවැනි සංකූලතා වැඩි වශයෙන් ඇති වීමට ඉඩ තිබෙන්නේ කුඩා දරුවන්, වියපත් පුද්ගලයන් සහ විවිධ නිධන්ගත රෝග ආදිය නිසා ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන් වැනි අය තුළය. දරුණු සංකූලතා ඇති වන රෝගීන්ගෙන් වුව ද මරණයට පත්වීමට ඉඩ ඇත්තේ සුළු ප්‍රතිශතයක් පමණක් බව වසංගත රෝග පිලිබඳ විශේෂඥයන් පවසා ඇත.
බොහෝ දෙනෙකුට මෙය දින කිහිපයක් විවේක ගැනීම තුළින් සුව කරගත හැකි රෝග තත්වයක් බව ද ඔවුහු පෙන්වා දෙති.
කොවිඞ් පිලිබඳව ඇති මතකය තවමත් කා තුළත් හොල්මන් කරන නිසාත්, මෙම වයිරසය ගැන ද මුලින්ම වාර්තා වූයේ චීනයෙන් නිසාත් බොහෝ දෙනෙකු මේ ගැන තැති ගැන්මට පත්ව සිටින බව පෙනේ. නමුත් වයිරස විශේෂඥයන් පවසන්නේ HMPV සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව යි. මෙම වයිරසය කොවිඞ් වයිරසය මෙන් අලූත්ම වයිරසයක් නොවන බව ඔවුහු පෙන්වා දෙති. මෙයට කලින් ද මෙය ලෝකයේ බොහෝ රටවල පැතිරුණු වයිරසයකි. චීනයේ ද මෙය කලින් වාර්තා වී තිබේ. විශේෂයෙන් ශීත සෘතුව බලපාන රටවල එම කාලයේ මෙම වයිරස ව්‍යාප්තියේ වර්ධනයක් දැකිය හැකි බව සඳහන් ය. ශීත කාලගුණික තත්වය වයිරසයේ පැවැත්මට වඩාත් හිතකර වීම මෙයට එක් හේතුවකි. එමෙන්ම මෙම කාලයේ ජනතාව වඩාත් නිවෙස් තුළට වී සිටීම නිසා රෝගය පුද්ගලයකුගෙන් තව පුද්ගලයකුට බෝ වීමට ඇති ඉඩකඩ ද ඉහළ යයි.
ශී‍්‍ර ලංකාවේ ද මීට කලින් මෙය හමු වී ඇති බවක් පසුගිය දිනවල මෙරට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥයෝ සඳහන් කළහ. මාධ්‍ය හමුවක් අමතමින් වසංගත රෝග පිලිබඳ විශේෂඥයන් පවසා සිටියේ අනියත බියක් ඇති කර ගැනීමට හේතුවක් නොමැති බවයි.
HMPV නිසා නැවතත් කොවිඞ් වැනි ගෝලීය වසංගත තත්වයක් ඇති වේවිද යන සැකය ද ඇතැමුන් මතු කර තිබෙනු දැක ගන්නට ලැබේ. නමුත් විශේෂඥයන් පවසන්නේ එවැන්නක් ඇති වීමට ඇති ඉඩ අවම බව යි. මෙය කලින්ද රටවල පැතිරුණු වයිරසයක් නිසා දැනටමත් එ් රටවල වැසියන් තුළ මෙයට ඔරොත්තු දීම සඳහා ප්‍රතිශක්තියක් ගොඩ නැගී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
HMPV වයිරසය මුලින්ම හඳුනාගෙන තිබුණේ 2001 වසරේ යි. එ් නෙදර්ලන්තයෙනි.
HMPV නිසා නැවතත් කොවිඞ් වැනි ගෝලීය වසංගත තත්වයක් ඇති වේවිද යන සැකය ද ඇතැමුන් මතු කර තිබෙනු දැක ගන්නට ලැබේ. නමුත් විශේෂඥයන් පවසන්නේ එවැන්නක් ඇති වීමට ඇති ඉඩ අවම බව යි. මෙය කලින්ද රටවල පැතිරුණු වයිරසයක් නිසා දැනටමත් එ් රටවල වැසියන් තුළ මෙයට ඔරොත්තු දීම සඳහා ප්‍රතිශක්තියක් ගොඩ නැගී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
වයිරසය ආසාදනය වුවහොත් ගත හැකි පියවර ගැන ද මෙම විශේෂඥයන් සඳහන් කර තිබේ. වැඩි වශයෙන් දියර වර්ග පානය කිරීම, හොඳින් විවේක ගැනීම, උණ සහ ඇගපත වේදනාව සඳහා ඖෂධ පාවිච්චි කිරීම මේ අතර වේ. දින කිහිපයක් යන විට රෝග ලක්ෂණ වැඩි වුවහොත්, හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුවහොත් වහාම වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා මෙන්ද ඔවුන් නිර්දේශ කර තිබේ.
නිහාල් පීරිස්