මිරිහාන ප්රදේශයේ පිහිටි සිය අසල්වැසි නිවසක පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.ඒ අද(10) දවල් මිරිහාන පොලීසියට ලද පැමිණිල්ලක් අනුව ය.පහර කෑමට ලක් වූ පුද්ගලයා හැට හය වන වියේ පසුවන අතර ඉන් නාසයට සිදු වූ හානිය මත ඔහු මේ වන විට ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.