රට පුරා පාසල් වල විභාග උත්තර පත්‍ර අගයන ගුරුවරුන් තමන්ට පහසු ඇඳුමකින් එම කටයුත්තේ නිරත වීමට බාධා මෙතෙක් මතුව නැති බවත් පසුගිය උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල යෙදෙන ගුරුවරියන් සාරිවලින් සැරසී නොපැමිණියේ යැයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඔවුන් ගේට්ටුවෙන් ඇතුලට නොගැනීම පිළිගත නොහැකි බවත් ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.ඊයේ (16)ඇති වූ මෙම සිද්ධියේ දී ගුරුවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ විභාග පිළිතුරු පත් ඇගයීම පාසලක අධ්‍යයන කටයුත්තන් නොව විභාග කොමසාරිස් වරයා යටතේ සිදුවන කාර්යයක් නිසා ඒ සම්බන්ධයෙන් පන්නිපිටිය ධර්මපාල විද්යාලයේවිදුහල්පතිට වගකීමක් නැති බව ය.නමුත් විදුහල්පතිනිය තදින් දැනුම් දී ඇත්තේ එදින පාසල් පැවැත්වෙන දිනයක් නිසා ගුරුවරියන් සාමාන්‍ය පරිදි සාරි ඇඳ පාසල් භූමියට ඇතුළු විය යුතු බවයි.මෙහි දී ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් එය පාලනය කිරීමට පොලිසිය කැඳවා තිබිණි.පොලිසිය ද මැදිහත් වුවත් එම තත්ත්වය සමථයකට පත් නොවු නිසා විභාග කොමසාරිස් ජනරාල්රයා විසින් විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමා තිබේ.