කැබිනට්ටුවේ සාමූහික වගකීම් වලට වඩා රජය ජනතාවට ඉටු කරන වගකීම් වැදගත්

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩවීම පිළිබඳව සෙවීමට පෙර සෙවිය යුත්තේ රජය ජනතාවට වගකීම් ඉටු කළේ ද යන්න බවත් සෞභාග්‍යයේ දැක්මේ කිසිදු තැනක මහහන දේපල විකුණන බවක් සඳහන් ව නැති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.ඒ ඊයේ(18)කළුතර දී මාධ්‍යවේදීන් අමතමිනි.තමන් පවා පසුගිය කාලයේ දී විකිණූ රජ්‍ය සම්පත් යළි පවරා ගන්නා බව මැතිවරණ වේදිකා වල ප්‍රකාශ කළ බව පැවසූ ඇමති වරයා ඒකඟතාවයකට පත් නොවූ කරුණක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ගයක් ගැනීම සාමූහික වගකීම් කඩකිරීමක්  වන්නේ කෙසේද? යනුවෙන් ද මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.

කාලීන පුවත්