18 වංගුව මාර්ගය නැවත දැනුම් දෙන තුරු රාත්‍රි කාලයේදී වසා දමයි

මහනුවර – මහියංගන මාර්ගයේ 18 වංගුව ආශ්‍රිත මාර්ගය නැවත දැනුම් දෙන තුරු රාත්‍රි කාලයේදී වසා දැමීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවැසීය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහා මාර්ගයට ගල් පෙරැළී ඇත. තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් ඊයේ (21)  සිට පස්වරු 06.00 සිට පෙරවරු 06.00 දක්වා කාලයේදී නැවත දන්වන තුරු මෙම මාර්ගය වසා දමන බවත් අවදානම් සහගත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීවේය.

කෙසේ වුවද දහවල් කාලයේදී වුවද මාර්ගයට ගල් පෙරැළීමේ අවදානමක් පවතින බැවින් මෙම මාර්ගය භාවිත කරන රියැදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසුවේය.

කාලීන පුවත්