අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා තිබේ. අපේ රටේ ද ChatGPT සමග ගනුදෙනු කරන, තොරතුරු තාක්ෂණය සමග යාවත්කාලීන වූ සැලකිය යුතු පිරිසක් සිටින බව පැහැදිලිය. තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය ආදිය පිළිබඳ සුළු දැනුමක් හෝ නොමැති අයවලුන් පවා අර්ථයක් නොදැන වුවත් ChatGPT පිළිබඳ අදහස් දක්වනු ඇතැම් විට දැකිය හැකිය. කෙසේ නමුත් බොහෝ දෙනෙකුට මේ සම්බන්ධ ප්‍රාමාණික අවබෝධයක් නොමැති බව පැහැදිලිය.
ChatGPT යන වචන ගොඩ නැගී ඇත්තේ Chat සහ GPT යන පද දෙකෙහි එකතුවෙනි. මෙහි Chat යන්නෙහි ‘කතා බහ’ යන අරුත පවතින අතර GPT යන්න Generative Pre-trained Transformer තුළින් ගොඩ නගා ගත්තකි. මෙහි අරුත ‘උත්පාදක පෙර පුහුණු පරිණාමකය’ යනුවෙන් දළ වශයෙන් හැඳින්විය හැකිය. දැවැන්ත දත්ත ප්‍රමාණයක් කලින් ලබා දී ඇති බැවින් ‘පෙර පුහුණු’ යන්නත්, මිනිසුන්ට හා සමානව භාෂාව අවබෝධ කර ගැනීමට හැකියාව ලබා දෙන මිනිස් ස්නායු පද්ධතිය හා සමානව ක්‍රියාත්මක වන ජාල පද්ධතියක් ඇති බැවින් ‘පරිණාමක’ යන්නත්, එසේ අවබෝධ කර ගනිමින් භාෂාව උපදවන්නට ඇති හැකියාව නිසා ‘උත්පාදක’ යන්නත් යොදා ගෙන තිබේ.
ChatGPT යන වචන ගොඩ නැගී ඇත්තේ Chat සහ GPT යන පද දෙකෙහි එකතුවෙනි. මෙහි Chat යන්නෙහි ‘කතා බහ’ යන අරුත පවතින අතර GPT යන්න Generative Pre-trained Transformer තුළින් ගොඩ නගා ගත්තකි. මෙහි අරුත ‘උත්පාදක පෙර පුහුණු පරිණාමකය’ යනුවෙන් දළ වශයෙන් හැඳින්විය හැකිය. දැවැන්ත දත්ත ප්‍රමාණයක් කලින් ලබා දී ඇති බැවින් ‘පෙර පුහුණු’ යන්නත්, මිනිසුන්ට හා සමානව භාෂාව අවබෝධ කර ගැනීමට හැකියාව ලබා දෙන මිනිස් ස්නායු පද්ධතිය හා සමානව ක්‍රියාත්මක වන ජාල පද්ධතියක් ඇති බැවින් ‘පරිණාමක’ යන්නත්, එසේ අවබෝධ කර ගනිමින් භාෂාව උපදවන්නට ඇති හැකියාව නිසා ‘උත්පාදක’ යන්නත් යොදා ගෙන තිබේ. මෙම GPT සංස්කරණයන් OpenAI සමාගම විසින් සංවර්ධනය කරනු ලැබූ ඒවා වන අතර එමගින් ස්වාභාවික සහ අර්ථවත් සංවාද උත්පාදනය කිරීමේ හැකියාව මේ පද්ධතියට ලබා දී තිබේ. ChatGPT පුද්ගලික වශයෙන් සේම වෘත්තිමය වශයෙන් ද මිල කළ නොහැකි සේවයක් බවට පත්ව ඇත්තේ එබැවිනි.
‘කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය’ (artificial general intelligence – AGI) මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස යොදවා ගැනීමේ අරමුණින් OpenAI සංවිධානය ආරම්භ වූ 2015 වසර දක්වා ChatGPT ඉතිහාසය දිව යයි. GPT පළමු සංස්කරණය 2018 වසරේ දී හඳුන්වා දෙනු ලැබිණි. ස්වාභාවික භාෂා සැකසීමේ හැකියාව මෙයට ලැබුණේ 2020 සංස්කරණයෙනි. මේ වන විට එය සන්නිවේදන කටයුතු සඳහා සුවපහසු ලෙස යොදා ගත හැකි තරමට සංවර්ධනය වී තිබේ.
OpenAI සමාගම අසීමීත සංඛ්‍යාවක පොත්, ලිපි, වෙබ් අඩවි සහ වෙනත් තොරතුරු ඇතුළත් මූලාශ්‍ර බොහොමයක ඇති දැවැන්ත වූ දත්ත ප්‍රමාණයක් ChatGPT පද්ධතියට ඇතුළත් කර තිබෙන අතර තම පද්ධතියෙහි නොමැති තොරතුරු සජීවීව අන්තර්ජාලය පිරික්සා බලා අදාළ පරිදි ගලපා තොරතුරු ලබා දෙන්නට ChatGPT දක්ෂය. මේ ලබා දී ඇති පුළුල් පුහුණුව නිසා ඊමේල් සම්පාදනය වැනි සරල කාර්යයන්හි සිට අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය නිබන්ධන සම්පාදනය වැනි කාර්යයන් ද මේ ඔස්සේ සිදු කර ගත හැකිය.
ChatGPT ඇසුරෙන් සම්පාදනය කරනු ලබන නිබන්ධන සඳහා කෘත්‍රිම බුද්ධියේ සහාය ලැබී ඇති බව දක්නට ලැබුණහොත් එහි ස්වාධීනත්වය සහ නිර්මාණශීලිත්වය ප්‍රශ්න කළ හැකි බැවින් ඒවාට මානව ස්වරුපයක් ලබා දීමට පවා ChatGPT වලට හැකියාව තිබේ. ලේඛකයින්, අධ්‍යාපනඥයින් සහ සිසුන් විවිධ නිබන්ධන සහ ඇතැම් අවස්ථාවල දී කලාත්මක නිර්මාණය සඳහා මේ පද්ධතිය උපකාරී කර ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. මේවා යලි මානව ස්වරූපයක් බවට පත් කිරීමේ හැකියාව මේ වන විට සදාචාරාත්මක සහ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවක් ඉස්මතු කරවන්නට හේතුවක් වී තිබේ. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ පවා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සිය උපාධි නිබන්ධන සම්පාදනය කර ගැනීම සඳහා ChatGPT පද්ධතියේ සහාය ලබා ගැනීම වර්ධනය වෙමින් පවතී. මේ හේතු නිසා ChatGPTවල යම් උපයෝගීතාවක් පෙන්නුම් කළ ද සිසුන්ගේ පර්යේෂණවල අවංකත්වය සහ නිර්මාණශීලීත්ව හැකියාවන් මොට කර දමන්නට ද මෙය හේතුවක් වී තිබේ.
ChatGPTවල අනාගතය පැහැදිලි වුව ද ඉදිරියේ දී එය වඩාත් සංකීර්ණත්වයක් ගනු ඇතැයි පැවසිය හැකිය. කෘත්‍රිම බුද්ධිය දිනෙන් දින පරිණාමය වෙද්දී ChatGPT වැනි මෙවලම් වඩාත් දියුණු තත්ත්වයකට පත් වී අපට කැමති පරිදි හැඩ ගස්වා ගැනීමටත් එයින් ලැබෙන ප්‍රතිචාර වඩාත් දියුණු ස්වභාවයකට පත් කර ගැනීමටත් හැකි වනු ඇත. වර්තමානයේ දී ChatGPT ඔස්සේ බොහෝ කාර්යයන් නොමිලයේ කර ගැනීමට අවස්ථාව හිමි වුව ද අනාගතයේ දී මේ සේවය සඳහා යම් මිලක් ගෙවන්නට සිදු වනු ඇති ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වේ. මේ වන විටත් ChatGPT නොමිලයේ මෙන්ම ChatGPT Plus සේවය මුදල් ගෙවා ලබා ගැනීමටත් හැකි පරිදි පවත්වාගෙන යනු ලබයි.
ChatGPT සහ ඒ හා සමාන වෙනත් මෙවලම් භාවිතය නිසා පර්යේෂණාත්මක නිබන්ධන සැකසීමේ දී පුද්ගලයන්ගේ හැකියාවන් කෙරෙහි මෙහි බලපෑමක් සිදුවේ ද යන විවාදාත්මක කාරණාව පැන නැගී තිබේ. ChatGPT ඔස්සේ තොරතුරු කරා වඩාත් ඉක්මනින් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙන අතර අනෙක් අතට මේ නිසා එහි පරිශීලකයන් ඒ මතම විශ්වාසය තබන බැවින් ඔවුන්ගේ තාර්කික චින්තනය සහ ගැටලු විසඳීමේ හැකියාවන් කෙමෙන් මොට වීමේ දැඩි අවදානමක් තිබේ. විශේෂයෙන් අතීතයේ දී සිසුන් ඉතා පරිශ්‍රමයෙන් පර්යේෂණ, විශ්ලේෂණ සහ අර්ථකතන සිදු කොට සම්පාදනය කරනු ලැබූ නිබන්ධන ChatGPT ඔස්සේ අවම වෙහෙසකින් සිදු කරවා ගත හැකි බැවින් අධ්‍යයන කටයුත්තකින් අපේක්ෂා කරන්නා වූ සාධන මට්ටම දියාරු වී යන ස්වභාවයක් ඇති වන්නට ඉඩ ඇති බවට ද අනතුරු හඟවා තිබේ.
ChatGPT යන ප්‍රබල මෙවලමක් වුව ද එහි අන්තර්ගතයන් සෑම විටම විශ්වසනීය නොවන තත්ත්වයක ද පවතී. එයින් කරුණු උත්පාදනය වන්නේ එයට පුහුණු කරනු ලැබූ දත්තවල රටාවන් මත පදනම්ව වන අතර ඒවා ඇතැම් විට යල් පීනු හෝ නිවැරදි නොවන තොරතුරු හෝ එහි අන්තර්ගත විය හැකිය. එබැවින් එහි මෙයින් ලැබෙන තොරතුරු සත්‍යදැයි ස්වාධීනව විමසීමක් කිරීමෙන් පසුව පමණක් භාවිතයට ගත යුතුය.
ChatGPT යන ප්‍රබල මෙවලමක් වුව ද එහි අන්තර්ගතයන් සෑම විටම විශ්වසනීය නොවන තත්ත්වයක ද පවතී. එයින් කරුණු උත්පාදනය වන්නේ එයට පුහුණු කරනු ලැබූ දත්තවල රටාවන් මත පදනම්ව වන අතර ඒවා ඇතැම් විට යල් පීනු හෝ නිවැරදි නොවන තොරතුරු හෝ එහි අන්තර්ගත විය හැකිය. එබැවින් එහි මෙයින් ලැබෙන තොරතුරු සත්‍යදැයි ස්වාධීනව විමසීමක් කිරීමෙන් පසුව පමණක් භාවිතයට ගත යුතුය. විශේෂයෙන් අධ්‍යයන කටයුතු සඳහා ChatGPT යොදා ගැනීමේ දී මේ පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරන ලද තොරතුරු අන්ධ විශ්වාසයෙන් යුක්තව පිළිගැනීම තුළින් අවසාන ප්‍රතිඵලය සහමුලින්ම වැරදි දෙයක් බවට පත් විය හැකිය.
ChatGPT මගින් මිනිසුන් කෘත්‍රිම බුද්ධිය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සුසමාදර්ශී වෙනසක් නියෝජනය කරයි. අධ්‍යාපනය, පර්යේෂණ සහ නිර්මාණශීලිත්වය පරිවර්තනය කිරීමට එයට ඇති හැකියාව අතිමහත් ය. ඒ නිසාම මෙය පරිහරණය කළ යුත්තේ මහත් ප්‍රවේසම් සහගතවය. මිනිසුන් ඉදිරියේ ඇති අභියෝගය වන්නේ එයයි.
අප සාමාන්‍ය මිනිසුන් ලෙස හෝ සිසුන් ලෙස හෝ විද්වතුන් ලෙස හෝ ChatGPT වැළඳ ගන්නා විට අපගේ කුසලතා, චින්තනයන්, පරිකල්පනයන්, පර්යේෂණාත්මක හැකියාවන් මොට නොකර ගනිමින් මෙයින් වඩාත් සමබර ආකාරයෙන් ප්‍රයෝජන ගැනීමට වග බලා ගත යුතු වේ. ChatGPT සහ කෘත්‍රිම බුද්ධියෙහි අනාගතය රඳා පවතින්නේ ආචාර ධර්ම භාවිතය, අඛණ්ඩ වැඩිදියුණු කිරීම සහ අවදානම් අවම කරන අතරතුර ප්රතිලාභ උපරිම කිරීමට ඇති සාමූහික උත්සාහය මත ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක