නව සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී. පාලිත ප්‍රනාන්දු

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී. පාලිත ප්‍රනාන්දු මහතා පත් කොට තිබේ.ජනවාරි 20 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය පසුගිය ජනවාරි 01 වනදා සිට පුරප්පාඩු බව දක්වමින් ඒ සඳහා කේ.එච්.පී. පාලිත ප්‍රනාන්දු පත්කිරීමට පත් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. කේ.එච්.පී. පාලිත ප්‍රනාන්දු මහතා පසුගිය මහ මැතිවරණය සඳහා ජාතික ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් ව පරාජයට පත්වූවකු වන අතර ජාතික ජනබලවේගය පක්ෂය පසුගිය සමයේ මැතිවරණ වලින් පරාජයට පත්වන පුද්ගලයන් රජයේ ඉහල තනතුරු සඳහා පත්කිරීම සම්බන්ධයෙන් ද එවක පාලනයන් දැඩිව විවේචනය කර හිඳිනු දක්නා ලදී.ඔවුන් එය හඳුන්වා දුන්නේ එම ආණ්ඩු වල දේශපාලන සදාචාරයේ ගැටළුවක් ලෙසය.

කාලීන පුවත්