විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම හා කාලය දිර්ඝ කර ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකර ගැනීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.
මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා උදාකර දීම පිළිබඳවද සාකච්ජා පැවැත්විය.
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහය ඇතිව මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ජාවක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම වසර අවසානයට පෙර තෝරාගත් තානාපති කාර්යාල 20 ක් මෙම ඔන්ලයින් ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්නා බවයි මෙහිදී හෙළි කෙරුණි.
මේ සඳහා සියලු ප්‍රධානයන් ජපන් රජය මගින් ලබාදීමට නියමිතයි.