මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් නැතිලු

සරසවි සිසුන් සඳහා ලබා දෙන මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් පමණ ලැබී නැතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසා තිබුණේ පසුගිය සමයේ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.ඒ අනුව වසරකට වැඩි කාලයක්, ගෙවීම් ප්‍රමාදව පැවති බව, ලේකම්වරයා සඳහන් කරයි..ඔහු පැවසුවේ, මේ වන විට එය මාස තුනක් දක්වා අවම කර ඇති බවයි.ඒ අනුව ඉදිරියේදී එම ගැටලුව අවසන් කර, සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසිකව ගෙවීම් කිරීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි

කාලීන පුවත්