ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිට වූ බවට තොරතුරු ලැබීම හේතුවෙන් කල් දැමූ උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගය අද (03) සිට යළි ආරම්භ වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
බුද්ධ ධර්මය සහ දෙමළ භාෂාව හැර අනිකුත් සියලුම විෂයයන් අද (03) සිට ලබන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාග ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට නිකුත් කර ඇති අතර, ඒවා අද (03) දිනයේ දී අදාළ විදුහල්පතිවරුන් වෙත බෙදාහැරීමට නියමිත බව සඳහන්.
පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා සඳහන් කළේ, පොලිස් ආරක්ෂාව යටතේ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.