ගොවි වන්දි නොලැබුණානම් 1918 ට කියන්න

ගොවීන්ට, මහකන්නයේ සිදුවූ වගා හානිවලට වන්දි දීම ආරම්භ වී ඇති අතර එම වන්දි ගිය මස 28 වැනිදා වන විටත් නොලැබුණු ගොවීන් වේ නම් ‘1918’ ක්ෂණික දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා අවධාරණය කරයි.

පසුගිය වසරේ (2024) නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් මහකන්නයේ වගාහානිවලට මුහුණ පෑමට ගොවීන්ට සිදු විය. සභාපතිවරයා පෙන්වා දෙන්නේ ඉතාම කෙටිකලකින් එනම් වගා හානිය සිදු වී දෙමසක පමණ කෙටි කාලයක් තුළ, රජයක් වගා හානි වන්දි ගෙවීම් ගොවීන්ට ලබා දීමට කටයුතු කළ බවයි. පසුගිය රජය සමයේ යල කන්නයේ සිදු වූ වගා හානි ගෙවීම්, පසුගිය මාසය වන තෙක් ගෙවූ බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

කාලීන පුවත්