ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා ඉහළ යා හැක.
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු වේ.