අද වන විට රතු සහල් කිලෝ වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 76 ක් සහ සුදු නාඩු 91 ක් බවත් ඒ අනුව වී කිලෝවක් සඳහා අද රජය විසින් නම් කළ ඇති සහතික මිල අනුව ගොවියාට රුපියල් 44 පමණ ලාභයක් රතු වී අලෙවියෙන් ලැබෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි. තමන් රුපියල් 154 ක නිෂ්පාදන පිරිවැයක් පෙන්වා දුන්නේ පොහොර තහනම් කර තිබූ කාලයක බව ද නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.එමෙන්ම මෙම වී නිෂ්පාදන වියදම ගණන් බලා ඇත්තේ රජය මඟින් ලබා දුන් පොහොර සහනාධාරය එක් නොකොට ඒවා ද ගොවියා තම වියදමින් ලබා ගත්තා සේ සලකමින් බව ද ඔහු වැඩිදුරටත් කීය.කෘෂිකර්ම නියෝජ්‍ය වරයා මෙම අදහස් පළ කළේ අද(07) පාර්ලිමේන්තුවේ දීය