නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්ර තුන බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.ඊට අදාළ කාල සටහනක් අද(10) දිනය තුළ ප්රකාශයට පත් කිරීමට නියමිත ය.ලංකා විදුලි බල මණ්ඩලය ප්රකාශ කරනුයේ දිවයින කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ.ඊයේ රට පුරා සිදු වූ විදුලිය බිඳ වැටීමත් සමඟ නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත.එම බලාගාරයේ ජනන යන්ත්ර යළි පද්ධතියට එක් කරනන්තුරු ඉදිරි දින කිහිපය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත ය.