වෛද්‍ය පරිපාලන සේවා පශ්චාත් උපාධි සුදුසුකම් ලත් වෛද්‍ය වරුන් හට හිමි වෛද්‍ය පරිපාලනයට හිමි අවකාශය අහිමි කරමින් සුදුසුකම් නොලත් තමන්ගේ හෙංචයියන් ඒ තනතුරු වලට පත් කිරීම පිණිස මොරටුව උසාවියෙන් ලත් අධිකරණ තීන්දුව පවා ප්‍රතික්ෂේප කරමින් වැඩ වර්ජනයකට යොමුව සිටින මෙම හොර නඩය වසර සියයකටත් වඩා අභිමානවත් ඉතිහාසයක් සහිත වෛද්‍ය වෘත්තියේ අභිමානවත් ඉතිහාසය මුළුමනින්ම කෙලෙසා දමා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
එමෙන්ම එම වෛද්‍ය පරිපාලනමය පත්වීම් සම්බන්ධ ගැසට් නිවේදනය පවා අහෝසි කරන මෙන් ඔවුන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය අතපත්තු මහතා කීය.
ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.