වී අලෙවි මණ්ඩලය පළමු වී තොගය අම්පාර ගබඩාවේ දී මිලදී ගෙන තිබේ.
මෙම අවස්ථාව නිරීක්ෂණ කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා එක්විය.
නියමිත ප්‍රමිතියට වී සකස් කිරීමෙන් අනතුරුව වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් තම අස්වනු ලබාදීමට කටයුතු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියි.මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් මිල සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් පත්‍රයේ සදහන් මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන අයට එරෙහිව නිත්‍යානුකුල පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.එමෙන්ම මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම තවමත් මුළුමනින්ම ආරම්භ වී නැහැ.
විශාල වශයෙන් ගොවිතැන් කරන ගොවි ජනතාවගේ මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වන්නේ බොහෝ විට මාර්තු මාසයෙයි.ඒ සදහා මේ වන විටත් රජය මගින් සාධාරණ මිලක් නියම කර තිබීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි ගොවි ජනතාව පෙන්වා දෙයි.