යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇරඹෙයි

ළ`ගදීම යුක්රේන යුද්ධය අවසන් වනු ඇති බවට යම් බලාපොරොත්තුවක සේයාවක් මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබේ. ඒ, මෙම යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා කි‍්‍රයාදාමයක් ආරම්භ වීමත් සමග ය.

මෙම කි‍්‍රයාදාමයට මුල පිරුණේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වීමත් සමග යි. ට‍්‍රම්ප් යුක්රේන යුද්ධය හඳුන්වන්නේ විකාර සහගත යුද්ධයක් වශයෙනි. එය ඉක්මනින් අවසන් විය යුතු බව ඔහු දිගින් දිගටම සඳහන් කළේය. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තූළ දී ට‍්‍රම්ප් පැවසුවේ තමා බලයට පැමිණ පැය 24 ක් ඇතුළත මෙම යුද්ධය අවසන් කිරීමේ කි‍්‍රයාදාමය ආරම්භ කරන බවයි. මේ වනවිට ඔහු එම පොරොන්දුව ඉටු කරමින් සිටියි.

වසර තුනක් ගත වී ඇති යුක්රේන යුද්ධය ඇමරිකාවට ද මහත් බරක් වී තිබෙන්නකි. පසුගිය කාලය පුරාම යුක්රේනයට යුද ආධාර දීම සඳහා ඇමරිකාව ඩොලර් බිලියන ගණනින් වැය කළේය.

පසුගිය කාලයේ බිඳ වැටී තිබූ ඇමරිකා – රුසියා සබඳතා නැවත ශක්තිමත් කර ගැනීම මෙම සාකච්ඡා වටයේ අරමුණක් වූ බව සාකච්ඡාවෙන් පසු මාධ්‍ය අමතමින් රුබියෝ ප‍්‍රකාශ කර තිබිණි. ජෝ බයිඞ්න් ජනාධිපති ධුරය දැරූ කාලයේ මෙම දෙරට අතර විශාල දුරස්ථ බවක් ගොඩ නැගී තිබිණි. බයිඞ්න් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හැඳින්වූයේ යුද අපරාධකාරයකු ලෙසිනි.

මෙම යුද්ධය ආරම්භ වූයේ 2022 වසරේ රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමත් සමගයි.

ඉහත කී සාකච්ඡා කි‍්‍රයාදාමයේ මුල් පියවරක් වශයෙන් ඇමරිකානු සහ රුසියානු නිලධාරීන් අතර සාකච්ඡුා වටයක් පසුගිය 18 වැනි දින සෞදි අරාබියේ දී පැවැත්විණි මෙම සාකච්ඡාවට ඇමරිකාව සහ රුසියාව නියෝජනය කරමින් ඉහළ පෙලේ නිලධාරීහු සහභාගි වී සිටියහ. ඇමරිකානු නියෝජිත කණ්ඩායමට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද ඇතුළත් වූ අතර රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රෝව් ද සාකච්ඡුා සදහා එක්ව සිටියේය.

පසුගිය කාලයේ බිඳ වැටී තිබූ ඇමරිකා – රුසියා සබඳතා නැවත ශක්තිමත් කර ගැනීම මෙම සාකච්ඡා වටයේ අරමුණක් වූ බව සාකච්ඡාවෙන් පසු මාධ්‍ය අමතමින් රුබියෝ ප‍්‍රකාශ කර තිබිණි. ජෝ බයිඞ්න් ජනාධිපති ධුරය දැරූ කාලයේ මෙම දෙරට අතර විශාල දුරස්ථ බවක් ගොඩ නැගී තිබිණි. බයිඞ්න් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හැඳින්වූයේ යුද අපරාධකාරයකු ලෙසිනි.

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ කි‍්‍රයාදාමය පිලිබඳ සාකච්ඡුා කිරීම සඳහා දෙරටින් විශේෂ නියෝජිත කණ්ඩායම් දෙකක් පත් කිරීමට ද සෞදි අරාබි සාකච්ඡාවේ දී එකඟතාවකට පැමිණ තිබේ.

මේ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ද සෞදි අරාබියේදී ම පැවැත්වීමට සූදානමක් තිබේ. මෙයට ටික දිනකට පෙර ට‍්‍රම්ප් සහ පුටින් අතර දීර්ඝ දුරකතන සංවාදයක් සිදු වූ අතර එහි දී මේ ගැන ඔවුන් සාකච්ඡා කර තිබිණි. ඇමරිකානු සහ රුසියානු නිලධාරීන් පසුගිය දා මුණ ගැසුණු අවස්ථාවේ මෙම රාජ්‍ය නායක හමුවට අදාළ කාරණා ගැන ද සාකච්ඡා කළ බවක් සඳහන් වේ.

සෞදි අරාබියේ රියාද් අගනුවර දී හමු වූ නියෝජිත කණ්ඩායම් පැය හතරකට වැඩි කාලයක් සාකච්ඡුා පවත්වා තිබිණි.

කෙසේ නමුත් සෞදි අරාබියේ පැවැති මූලික සාකච්ඡාවට යුද්ධයේ අනෙක් ප‍්‍රධාන පාර්ශ්වය වන යුක්රේනයට ආරාධනා කර නොතිබීම බොහෝ පාර්ශ්වවල අවධානයට ලක් වූ ගැටලූකාරී කාරණයක් විය. තම රටේ සහභාගිත්වයකින් තොරව එළැඹෙන තීරණවලට තමා කිසි දිනෙක එකඟ නොවන බව සෙලෙන්ස්කි බොහෝ අවස්ථාවල පවසා තිබේ. ඇමරිකාව සහ රුසියාව එක්ව රුසියාවට වාසිදායක සාමයක් ඇති කිරීමට යනවාද යන සැකය ද ඇතැමුන් තුළ ඇති වී තිබෙනු දැකිය හැකි වේ.

යුරෝපයේ ප‍්‍රධාන රටවල නායකයෝ ද මෙම කාරණය ගැන අවධානයෙන් පසුවෙති. ඔවුන්ට ද සෞදි අරාබියේ සාකච්ඡුා සඳහා ඇරයුම් කර තිබුණේ නැත.

පසුගිය කාලයේ යුක්රේනය සහ රුසියාව අතර සාම කි‍්‍රයාදාමයක් ඇති කර ගැනීමේ දී ප‍්‍රධාන බාධාවක් වූයේ මේ වනවිට රුසියාව අල්ලාගෙන සිටින යුක්රේන භූමි ප‍්‍රදේශ පිලිබඳ කාරණය යි. යුක්රේන ජනාධිපතිවරයා පුන පුනා ප‍්‍රකාශ කළේ මෙම බිම් ප‍්‍රදේශ නැවත ලබා ගන්නා තුරු සාමයක් සඳහා එකඟ නොවන බවයි. නමුත් රුසියාව මෙම භූමි ප‍්‍රදේශ නැවත යුක්රේනයට ලබා දීමට කිසිදු සූදානමක් නොදක්වයි. ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත සාම සාකච්ඡාවල දී මෙම කාරණය කෙසේ විසඳා ගනීවි ද යන්න තවම පැහැදිලි නැත. නමුත් ඇමරිකානු නිලධාරීන් පසුගිය දිනෙක අඟවා තිබුණේ රුසියාව අල්ලා ගත් සියලූ ප‍්‍රදේශ නැවත යුක්රේනයට ලැබෙනු ඇතැයි සිතිය නොහැකි බව යි.

යුක්රේනය බටහිර ආරක්‍ෂක සංවිධානයක් වන නේටෝ සංවිධානයට බැඳෙන්නට දක්වන වුවමනාව ද රුසියාවේ නොසතුටට හේතු වූවකි. රුසියාව සිතන්නේ එයින් තම රටේ ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් එල්ල වන බව යි. රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමට මෙය ද හේතුවක් විය. මේ කාරණය සම්බන්ධයෙන් ද ට‍්‍රම්ප් රජයේ නිලධාරීන් අදහස් දක්වා තිබෙනු පසුගිය දිනවල දැකගන්නට ලැබිණි.

යුක්රේනය බටහිර ආරක්‍ෂක සංවිධානයක් වන නේටෝ සංවිධානයට බැඳෙන්නට දක්වන වුවමනාව ද රුසියාවේ නොසතුටට හේතු වූවකි. රුසියාව සිතන්නේ එයින් තම රටේ ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් එල්ල වන බව යි. රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමට මෙය ද හේතුවක් විය. මේ කාරණය සම්බන්ධයෙන් ද ට‍්‍රම්ප් රජයේ නිලධාරීන් අදහස් දක්වා තිබෙනු පසුගිය දිනවල දැකගන්නට ලැබිණි.

නේටෝ සංවිධානයට එක් වීමට යුක්රේනයට ඉඩක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකි බව ඇමරිකානු ආරක්‍ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබූ අතර ට‍්‍රම්ප් ද ඔහුගේ කතාව අනුමත කර තිබේ.

සාම කි‍්‍රයාදාමයක් ආරම්භ කිරීමට උත්සාහ කරන අතර ඇමරිකාව ඉහත කී ආකාරයේ රුසියාවට වාසිදායක බව පෙනෙන ස්ථාවරයන් දැරීම යුක්රේනය තුළ මෙන්ම යුරෝපා නායකයන් තුළ ද නොසන්සුන්තාවක් ඇති කර තිබෙන බව පැහැදිලිව දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර