පාන්,බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ගණන් අසීමාන්තිකව ඉහළ සහ ඒවා නිරන්තරයෙන් වෙනස් වෙමින් පැවතීම මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදන නිශ්චිත පාලන මිලක් යටතේ ලබා දීම කෙසේවත් කළ නොහැකි බව බේකරි හිමියෝ පවසති.මේ තත්වය යටතේ ජනතාව බේකරි නිෂ්පාදන මිල දී ගැනීමේ පසුබෑමක් පළ කළ ද පාලන මිලක් යටතේ බේකරි නිෂ්පාදන ලබා දීම තුළින් ඉතා නුදුරේ දීම බේකරි කර්මාන්තය ද බිඳ වැටෙනු ඇතැයි ඔව්හු කියා සිටිති.