අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් උත්සන්න වී ඇතැයි වතිකානය නිවේදනය කොට තිබේ.88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය 14 වැනිදා රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි.පසුව උන්වහන්සේ තුළ පැවැති නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණ.පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත් මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය උත්සන්න වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.පාප් වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමට සේම එමෙන්ම ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.ඒ අතරේ උන් වහන්සේ ගේ නියුමෝනියා රෝගී තත්ත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර ද තවදුරටත් ක්‍රියාත්මක ය.