නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන තෙල් කාන්දුවක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තව දුරටත් දිනකට විනාඩි 30- 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවතිබේ.සවස හයත් පස්වරු රාත්‍රී 9.30 අතර කාලයේදී මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.විදුලි බල අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම අලුත්වැඩියාව සිදු කර යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තුරු දින කිහිපයක් මෙම විදුලි කප්පාදුව සිදු වනු ඇති බවකි.
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ මෙම දෝෂය හටගෙන ඇති ජනන යන්ත්‍රයෙන් දිගින් දිගටම තෙල් කාන්දුවක් සිදු වන බවත් එමගින් එහි විදුලි ජනනය තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා සමස්ත විදුලි පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බවය.