ආසියාවේ ලොකුම ධනවතුන් පස් දෙනා

මෙය ආසියානු කලාපයෙන් ද ඉහළම පෙලේ බිලියනපතියන් වැඩි වැඩියෙන් බිහි වෙමින් සිටින කාලයකි. මේ වනවිට ලෝකයේ බිලියනපතියන් වැඩිම සංඛ්‍යාවක් සිටින රට වන්නේ ඇමරිකාවයි. නමුත් 2024 වසරට අදාළව ෆෝබ්ස් ආයතනය නිකුත් කර ඇති වාර්තාවකට අනුව මෙම ලැයිස්තුවේ දෙවැනි තුන්වැනි ස්ථාන දිනාගෙන සිටින්නේ ආසියාවේ රටවල් ය. චීනය බිලියනපතියන් සංඛ්‍යාව අතින් දෙවැනි තැන දිනා සිටින අතර ඉන්දියාව තුන්වැනි තැනට පැමිණ සිටියි. බටහිර ඉතා ධනවත් රටවල් පවා සිටින්නේ ඊට පහළිනි.

ආසියාවේ ලොකුම ධනවතා සිටින්නේ අප අසල්වැසි ඉන්දියාවේ යි. ඒ මුකේෂ් අම්බානි ය. 2025 ජනවාරි වාර්තාවලට අනුව අම්බානි ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 97 ක් විය.1981 වසරේ සිය පියා ගේ ව්‍යාපාරවලට එක්ව පසුව ඉන්දියානු ව්‍යාපාරික ලෝක‍්‍රයේ ඉහළම හිනිපෙත්තට නැගුණු මුකේෂ් අම්බානි රෙලයන්ස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සභාපතිවරයා යි. බලශක්ති, විදුලි සංදේශ, මූල්‍ය, භාණ්ඩ වෙළෙඳාම වැනි ක්‍ෂේත‍්‍ර තුළ ඔහුගේ ව්‍යාපාර කටයුතු විහිදී තිබේ.

2024 වසර වනවිට චීනයේ සිටි බිලියනපතියන් ගණන 406 ක් වූ අතර ඉන්දියාවේ බිලියනපතියන් ගණන 200 කි. හොංකොං වැනි ආසියානු කලාපවලින් ද වැඩි වැඩියෙන් බිලියනපතියන් බිහිවෙමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ.

මේ, ෆෝබ්ස් වාර්තාවලට අනුව ජනවාරි මාසය වනවිට ආසියාවේ ඉහළම ධනවතුන් පස් දෙනා පිලිබඳ සටහනකි.

මේ වෙද්දී ආසියාවේ ලොකුම ධනවතා සිටින්නේ අප අසල්වැසි ඉන්දියාවේ යි. ඒ මුකේෂ් අම්බානි ය. 2025 ජනවාරි වාර්තාවලට අනුව අම්බානි ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 97 ක් විය.

ගෞතම් අදානි

1981 වසරේ සිය පියා ගේ ව්‍යාපාරවලට එක්ව පසුව ඉන්දියානු ව්‍යාපාරික ලෝක‍්‍රයේ ඉහළම හිනිපෙත්තට නැගුණු මුකේෂ් අම්බානි රෙලයන්ස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සභාපතිවරයා යි. බලශක්ති, විදුලි සංදේශ, මූල්‍ය, භාණ්ඩ වෙළෙඳාම වැනි ක්‍ෂේත‍්‍ර තුළ ඔහුගේ ව්‍යාපාර කටයුතු විහිදී තිබේ.

අම්බානි රසායන ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධිධාරියෙකි. එම උපාධිය ලබා ගැනීමෙන් පසුව ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ව්‍යාපාරික පරිපාලනය පිලිබඳ අධ්‍යාපනය ලබමින් සිටිය දී එම කටයුතු අතරමග නතර කර නැවත ඉන්දියාවට පැමිණ පියාගේ ව්‍යාපාර කටයුතුවලට එක් විය. ඔහුගේ පියා ධිරුභායි අම්බානි ය.

ආසියාවේ ඉහළම ධනවතුන් අතර දෙවැනි තැන හිමි කරගෙන සිටින්නේ ද ඉන්දියානුවෙකි. ඒ පසුගිය දිනවල බොහෝ ආන්දෝලනයන්ට ද මුහුණ දුන් ගෞතම් අදානි ය. 62 හැවිරිදි අදානි ගේ වත්කම වාර්තා වූයේ ඇ. ඩොලර් බිලියන 60 ක් ලෙසිනි. ඔහු අදානි සමූහයේ (Adani Group) ප‍්‍රධානියා යි. වරාය සහ ගුවන් තොටුපල වැනි යටිතල පහසුකම්, පුනර්ජනනීය බලශක්තිය වැනි ක්‍ෂේත‍්‍රවල අදානි සමූහය විශාල වශයෙන් ආයෝජන කර තිබේ. ශී‍්‍ර ලංකාව තුළ ද පසුගිය කාලයේ අදානි සමූහය මෙවැනි ක්‍ෂේත‍්‍රවල ආයෝජනය කළේය.

මුකේෂ් අම්බානි මෙන්ම අදානි ද ව්‍යාපාරික පවුලක උපන් කෙනෙකි. අදානි ගේ පියා ශාන්තිලාල් අදානි රෙදිපිලි ව්‍යාපාරයක නිරතව සිටි බව සඳහන් වේ. නමුත් ඔහු එතරම් ලොකු ව්‍යාපාරිකයකු නොවූ බවද සඳහන් ය. ගෞතම් අදානි වාණිජවේදී උපාධියක් සඳහා ඉගෙන ගනිමින් සිටියත් එම අධ්‍යාපන කටයුතු අතරමග නතර කර ව්‍යාපාර සඳහා යොමු විය.

මුකේෂ් අම්බානි

කෙසේ නමුත් වංචා දූෂණ සම්බන්ධයෙන් මෙම සමූහයට එරෙහිව පසුගිය කාලයේ ඇමරිකාව නීතිමය පියවර ගත් අතර අදානි සහ ඉන්දියානු අගමැති නරේන්‍ද්‍ර මෝදි අතර ඇති බව කියන සමීප සම්බන්ධය ද නිතර අවධානයට ලක්වන කාරණයකි. ගෞතම් අදානි ඔහුගේ දේශපාලන සබඳතාවලින් වාසි ලබන බවට ද නිතර චෝදනා එල්ල වෙයි.

ආසියාවේ ධනවත්ම පුද්ගලයන් පිලිබඳ ලැයිස්තුවේ තුන්වැනි තැන හිමි කරගෙන සිටින්නේ චීනයේ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ නම ෂොං ෂන්ෂාන් (Zhong Shanshan) ය. ෆෝබ්ස් වාර්තාවල ඔහුගේ ශුද්ධ වත්කම සඳහන් වූයේ ඇ. ඩොලර් බිලියන 52 ක් ලෙසිනි.

70 වැනි වියෙහි පසුවන ෂන්ෂාන් Nongfu Spring -නැමැති සමාගමේ නිර්මාතෘවරයා යි. මෙය බෝතල් කළ පානීය ජලය අලෙවි කරන සමාගමකි.

ෂන්ෂාන් මෙම සමාගම ආරම්භ කළේ 1996 වසරේ යි. ඔහු ඉතා සාමාන්‍ය මට්ටමින් ජීවිතය ආරම්භ කළ කෙනෙකි. 1954 වසරේ උපන් ඔහු චීනයේ සංස්කෘතික විප්ලවය සිදු වූ කාලයේ ඔහුගේ පාසල් ගමන නතර කර තිබිණි. ඉන්පසු ඔහු ටික කලක් ගොඩනැගිලි ඉදි කිරීම් ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් කර තිබූ අතර පසුව මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කළ බව සඳහන් වේ. 1988 වසරේ එම රැකියාවෙන් ඉවත් වී ෂන්ෂාන් ඔහුගේම ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබිණි. ඒ කාලයේ ඔහු හතු සහ ඉස්සන් වෙළෙඳාමේ නිරත වූ බව පැවසේ. එයින් පසු කලක් ඔහු සිසිල් බීම සමාගමක අලෙවිකරුවකු හැටියට කටයුතු කර තිබිණි. ඔහු වෙත වාසනාව ගෙන ආ Nongfu Spring සමාගම ආරම්භ කර තිබුණේ එයින් පසුව යි.

ෂොං ෂන්ෂාන්

එකල චීනයේ වැඩි වශයෙන් භාවිතයට ගැනුණේ ඛණිජ ඉවත් කරන ලද ජලය යි. නමුත් ෂන්ෂාන් ගේ සමාගම අලෙවි කර තිබුණේ ඛණිජ සහිත ජලය බව සඳහන් වේ. ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වූයේ එය යයි විශ්වාස කෙරේ.

ආසියානු බිලියනපතියන්ගේ ලැයිස්තුවේ පස්වැනි තැන පසුවන්නේ තදාෂි යනායි සහ ඔහුගේ පවුල යි. ජනවාරි මාසය වනවිට ඔවුන්ගේ වත්කම ද ඇ. ඩොලර් බිලියන 46 කට ආසන්න බව සඳහන් විය. මේ වනවිට 76 වැනි වියෙහි පසුවන තදාෂි ජපාන ජාතිකයෙකි. 2024 දෙසැම්බර් මස පළ වී තිබූ වාර්තාවලට අනුව ජපානයේ ධනවත්ම පුද්ගලයා වූයේ ඔහු යි.

පසුගිය ජනවාරි වනවිට ආසියාවේ ධනවත්ම පුද්ගලයන් අතර සිව්වැනි තැන පසු වූවේ ප‍්‍රජෝගෝ පංගෙස්තු ය. ඔහුගේ වත්කම සඳහන් වූයේ ඇ. ඩොලර් බිලියන 46 ක් ලෙසිනි. ඇතැම් වාර්තාවල දැක්වෙන ආකාරයට අග්නිදිග ආසියාවේ ධනවත්ම පුද්ගලයා ඔහු යි.

ප‍්‍රජෝගෝ පංගේස්තු

මේ වනවිට 80 වැනි වියෙහි පසුවන පංගෙස්තු ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව්පියන් චීනයෙන් ඉන්දුනීසියාවට සංක‍්‍රමණය වූවන් බව සදහන් වේ. ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රය තුළ පංගෙස්තු ප‍්‍රසිද්ධියට පත්ව සිටින්නේ බරිතෝ පැසිෆික් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා හැටියට ය. එය වැවිලි, ඛණිජ තෙල්, ගෑස්, ගල් අඟුරු, රත්රන් වැනි ක්‍ෂේත‍්‍රවල ව්‍යාපාර කරන සමාගම් සමූහයකි. තමාගේම ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර ඔහු කලක් එක්තරා සමාගමක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කර තිබිණි.

ආසියානු බිලියනපතියන්ගේ ලැයිස්තුවේ පස්වැනි තැන පසුවන්නේ තදාෂි යනායි සහ ඔහුගේ පවුල යි. ජනවාරි මාසය වනවිට ඔවුන්ගේ වත්කම ද ඇ. ඩොලර් බිලියන 46 කට ආසන්න බව සඳහන් විය. මේ වනවිට 76 වැනි වියෙහි පසුවන තදාෂි ජපාන ජාතිකයෙකි. 2024 දෙසැම්බර් මස පළ වී තිබූ වාර්තාවලට අනුව ජපානයේ ධනවත්ම පුද්ගලයා වූයේ ඔහු යි.

තදාෂි යනායි

තදාෂි ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධිධාරියෙකි. ඔහු ව්‍යාපාරික කටයුතු ආරම්භ කර තිබුණේ 1971 වසරේ යි. එ් මුළුතැන්ගෙයි උපකරණ සහ පිරිමින්ගේ ඇඳුම් අලෙවි කරන්නකු ලෙසිනි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්