ඉන්ධන බෙදුම්කරුවන් ගේ 03%ක වට්ටම අහෝසියි;ඉන්ධන හිඟයක් නෑ 2022 මාර්තු 10 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව ඉන්ධන බෙදුම්කරුවන් විසින් ලබා ගන්නා 03%ක වට්ටම් මුදල අනීතික බවත්, ඒ අනුව එය අහෝසි කිරීමට තීරණය කළ බවත්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි.ඒ අනුව අද (01) සිට ක්‍රියාත්මක වන ලෙස නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඒ මහතා ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.ඒ අතර එම 03%ක වට්ටම් මුදල අහිමි වීම මත තමන් ඉන්ධන බෙදාහැරීමෙන් වළකින බව ඛනිජ තෙල් බෙදුම් කරුවන් ගේ සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට තිබේ.එහෙත්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයා පවසනුයේ ඉදිරියේ දී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවකි.