ශ්‍රී ලංකාවේ ගෙවතු වල සහ වගාබිම්වලට දක්නට ලැබෙන රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් මාර්තු 15 වැනිදා විනාඩි 05ක කාලයක් තුළ සිදු කර දන්වන ලෙස කෘෂිකර්ම පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.එම වන සතුන් ගණනය කර තොරතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු බවත්, ඒ අනුව රට පුරා ගෙවතු හා වගාබිම්වල සිටින වන සතුන් සංගණනයක් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඒ මහතා කියයි.ග්‍රාම නිලධාරී වසම්වල සිටින සියලු රජයේ නිලධාරීන් මේ සමීක්ෂණයට සම්බන්ධ වන බවත්,එම විනාඩි පහ තුළ තමන්ගේ වත්තේ ඉහත සතුන් කොපමණ සිටියා ද කියා වතුහිමියන් විසින් නිලධාරීන් දැනුවත් කළ යුතු බවත් වතුහිමියන් නොමැති ඉඩම්වල නිලධාරීන් මගින් සංගණනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.ලබාගන්නා තොරතුරු, නිලධාරීන් මාර්ගයෙන් අමාත්‍යාංශයට ලැබීමෙන් පසු වගාහානි කරන සතුන් පිළිබඳ අදහසක් ලබාගෙන එය පාලනය කිරීමට එම තොරතුරු වැදගත් බවත් කරුණාරත්න මහතා තවදුරටත් කියා සිටී.