වනඅලින් දුම්රියවල ගැටී සිදුවන අනතුරු අවම කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

වනඅලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙන බව සඳහන් වෙයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වන අලින් දුම්රියවල ගැටීමේ සිදුවීම් මේ වනවිට වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙන බවයි.

කාලීන පුවත්