දේශබන්දු හැංගිලා; අල්ලන්න උදව් වෙන්න

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විටත් නීතිය හමුවට නොපැමිණ සැඟවී හීඳින බවත් ඔහු ගැන යම් තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (06) පවතී මාධ්‍ය හමුවකදී පැවසීය.හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔහු රැඳී සිටින බවට සැකකරන ස්ථාන පරික්ෂා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.දේශබන්දු තෙන්නකෝන් මහතා නීතියට අනුගත නොවී සැඟවී ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ශ්‍රී ලංකා පොලිසිය විදිහට සැකකරුවෙක් නීතියට අනුකුල නොවී , අධිකරණ නියෝගයට අවනත නොවී පැන ගියහොත් ඔහු අත්අඩංගුවට යම්කිසි ක්‍රමවේදයක් ඇති බව පැවසීය.ඒ අනුව ඔහුට සම්බන්ධ දුරකථන වාර්තා , ඔහු රැඳී සිටින ස්ථාන සියල්ල පරික්ෂා කරන බවත් සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳවත් ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.” හිටපු පොලිස්පතිවරයා කියා විශේෂ සැලකිල්ලක් නෑ යම් කිසි පුද්ගලයෙකු ඔහු සඟවාගෙන ඔහුට සහය දෙනවා නම් ඒ සම්බන්ධයෙනුත් දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්නවා. ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්න “යනුවෙන් ද වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

කාලීන පුවත්