ඉදිරියේ ඒන සාගතයට රතන හිමි පාදෙණිය, ප්‍රියන්ත යාපා වගකිව යුතුයි

කාබනික පොහොර ‘ලණුව” ජනාධිපතිවරයාට ලබා දුන්නේ අතුරලියේ රතන හිමි, , අනුරුද්ධ පාදෙණිය, ප්‍රියන්ත යාපා යන උපදේශකයන් විසින් බවත් අනාගතයේ දී අනිවාර්යයෙන්ම එන සාගතයේ වගකීම මෙම උපදේශකයන්ට ගැනීමට සිදුවනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් කෘෂි ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා සඳහන් කරයි.කවුද කුමක් කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවද පවසන ඔහු ජනාධිපති වරයාට එම විෂ‍ය පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ බව ද කියයි
එමෙන්ම චීනය සමග කළ පොහොර ගනුදෙනුව ද අතිශයින්ම සැකසන බව පවසන ඔහු චීනය ගැන සිතා පොහොර ගැන සානුකම්පිතව බලන්නැයි රජය ඉල්ලීම් කළ බවත් අග්‍රාමාත්‍යවරයාද තමන්ට ඒ ගැන පෞද්ගලිකවම කතා කළ බවත් තමන් ඊට අකමැති වූ බවත් පවසයි.මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

කාලීන පුවත්