මෙම මාර්තු මස 15 දා උදෑසන 8.00 ත් 8.05 ත් අතර විනාඩි පහක කාලයක් තුළ පැවැත්වීමට නියමිත රිලවුන් වඳුරන් දඬු ලේනුන් හා මොනරුන් සංගණනය හා සම්බන්ධ විශේෂ පෙරහුරුවක් ද පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ ගම්මානයකදී සිදු කරන ලද බවක් වාර්තා වී තිබේ. එදින මේ වෙලාවට තම නිවෙසට, පාසලට, රෝහල් භූමියට, ගොවි බිමට හෝ සිද්ධස්ථානයට පැමිණෙන වඳුරන්, රිළවුන්, මොනරුන් හා දඬුලේනුන් ගණන් කර ඊට අදාළ දත්ත වන ජීවී නිලධාරීන්ට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් දිස්නා රණසිංහ දන්වා ඇත.ඒ අනුව මෙය මෙරට සියලුම ග්‍රාම නිලධාරී වසම් පදනම් කරගෙන ගම් මට්ටමින් පැවැත්වීමට සංවිධානය කොට ඇති බවක් පෙනෙයි. මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා වන සතුන්ගෙන් දිගින් දිගටම සිදුවන හානිය පාලනය කිරීමට පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීමේ මූලික පියවරක් ලෙස මෙම කටයුත්ත සිදු කරන බව පවසන කෘෂිකර්ම අමාත්‍යංශය පසුව එම ස්ථාන සිතියම් ගත කොට එම සත්ව ගහණයන් හි ස්වභාවය හඳුනා ගන්නා බව ද පවසයි.
පර්යේෂණ ආයතනවලින් කරන්න ඕන දේවල් මේ විදියට දේශපාලනය මැදිහත් වෙලා කරන එක වැරදි පූර්වාදර්ශයක් වගේ ම සම්පූර්ණ අසාර්ථක වැඩක් වෙනවා.”යනුවෙන් පවසමින් මෙවන් කටයුත්තක් උදෙසා පර්යේෂණ ක්‍රමවේදයක් හා නිර්ණායක පද්ධතියක් පර්යේෂණයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කළ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන, මහජනයා වෙත පොදු නිවේදන කර සිදු කරන මෙවැනි දේ සම්බන්ධව කතා කිරීම පවා ඵල රහිත දෙයක් බව සඳහන් කොට තිබේ.ඔහු ගේ එම ප්‍රකාශයට අනුව මෙය දඬුලේනුන් හා මොනරුන් කෙසේ වෙතත් වඳුරන් හා රිළවුන් සමූහ වශයෙන් වනසා දැමීම පිණිස යොදනු ලබන පූර්වෝපායක් ද යන සැකය අපගේ සිත් වලින් ද මුළුමනින්ම බැහැර කළ නොහැක.ඊට හේතුව මෙය දේශපාලන නියාමනයකින් යුතු ක්‍රියාන්විතයක් බැවිනි.
නමුත් මෙම කටයුත්ත වැරදි පූර්වාදර්ශයක් සේම සම්පූර්ණයෙන් අසාර්ථක කටයුත්තක් පරිසරවේදී ,නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල වෙබ් අඩවියට පවසා තිබේ.ඔහු එහි දී පවසා ඇත්තේ, “සම්මත ක්‍රමවේදය අනුගමනය නොකර කරන කිසිම සමීක්ෂණයක් සාර්ථක නෑ. සම්මත ක්‍රමවේදයකට නම්, ඒ සංගණනයට පුහුණු වෙච්ච පිරිසක් ඉන්න ඕනේ. ඊළඟට විශ්වාසනීයත්වය තියෙන්න ඕනේ මෙයා මේ සංගණනය කරයි ද කියන එක. ඒ ටික නැතුව ඉතුරු දේවල් කතා කරලා වැඩක් නෑ,” යනුවෙනි.එමෙන්ම දේශපාලන අත පෙවීම මත මෙවැනි දේවල් සිදු කිරීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවට ද ඔහු අනතුරු අඟවා තිබේ..”කෘෂිකර්ම අමාත්‍යංශය නෙමෙයි කරන්න ඕනේ, කෘෂිකර්ම පර්යේෂණ ආයතනයක්. එහෙම ආයතනයක් තියෙනවා නේ. පර්යේෂණ ආයතනවලින් කරන්න ඕන දේවල් මේ විදියට දේශපාලනය මැදිහත් වෙලා කරන එක වැරදි පූර්වාදර්ශයක් වගේ ම සම්පූර්ණ අසාර්ථක වැඩක් වෙනවා.”යනුවෙන් පවසමින් මෙවන් කටයුත්තක් උදෙසා පර්යේෂණ ක්‍රමවේදයක් හා නිර්ණායක පද්ධතියක් පර්යේෂණයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කළ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන, මහජනයා වෙත පොදු නිවේදන කර සිදු කරන මෙවැනි දේ සම්බන්ධව කතා කිරීම පවා ඵල රහිත දෙයක් බව සඳහන් කොට තිබේ.ඔහු ගේ එම ප්‍රකාශයට අනුව මෙය දඬුලේනුන් හා මොනරුන් කෙසේ වෙතත් වඳුරන් හා රිළවුන් සමූහ වශයෙන් වනසා දැමීම පිණිස යොදනු ලබන පූර්වෝපායක් ද යන සැකය අපගේ සිත් වලින් ද මුළුමනින්ම බැහැර කළ නොහැක.ඊට හේතුව මෙය දේශපාලන නියාමනයකින් යුතු ක්‍රියාන්විතයක් බැවිනි.
එමෙන්ම ඉහත සඳහන් කාරිය සත්ව සංගණනයක් සේ සඳහන් වුව ද මෙය කෙසේවත් සංගණනයක් හා සම්බන්ධ වන්නක් නොවේ. සංගණනයක් යනු නිශ්චිත ක්‍රම වේදයකට අනුව නිවැරදි දත්ත රැස් කොට ඒවා සමාලෝචනය කිරීමෙන් නිවැරදි දර්ශක ලබා ගැනීම අරමුණු කර ගත් කාරියකි. ජනගහණය, නිවාස හා ගොඩනැගිලි, කෘෂිකාර්මික තොරතුරු, ව්‍යාපාර හා රථවාහන ආදිය සේම වන සත්ව ප්‍රජාව ද විවිධ සංගණනයනට ලක් කෙරේ. පසුගිය කාලයේ අප රටේ සිදු කරන ලද වන අලි සංගණන ඒ සඳහා නිදසුන් වේ. 2011 වසරේ මෙරට දී සිදු කරන ලද වන අලි සංගණනයේ දී වන අලින් 5879 දෙනකු හිඳින බව අනාවරණය වී තිබේ. ඉන් පසුව 2024 වසරේ අගෝස්තු 17, 18, 19 යන තෙදින තුළ ද එවන් සංගණනයක් සිදු කළ මුත් එහි ප්‍රතිඵල නිශ්චය ලෙස ප්‍රකාශ වූ බවක් අපට දැන ගන්නට නොලැබුණි.නමුත් එම සංගණන වල විද්‍යාත්මක භාවය සම්බන්ධයෙන් ද විවේචන එල්ල වී තිබේ.
මෙම 15 වන දා සිදු කෙරෙන ඉහත සඳහන් වන සතුන් සම්බන්ධ මූලික තොරතුරු විමසීම නිලධාරීන් ගේ මෙන්ම ජනතාව ගේ සහභාගීත්වයෙන් මානව ජනාවාස ආශ්‍රිතව විනාඩි පහක වැනි කෙටි කාලයක් තුළ සිදු කෙරෙන්නක් නිසා එය හැඳින්විය හැක්කේ මූලික තොරතුරු විමසුමක් ලෙස පමණි. එමෙන්ම මෙවන් මූලික තොරතුරු විමසුමකින් මානව ජනාවාස ආශ්‍රිතව ඇති වන සත්ව ගණනය සම්බන්ධ කිනම් හෝ අනුමානයක් ලබාගත හැකි බව සත්‍යයකි. එහෙත් ඒ කිනම් හෝ අනුමානය පූර්ණ සත්‍යයක් නොවන බව ද අප විශේෂයෙන් සැලකිය යුතු ය.එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය පවසන අන්දමට පසුව එම ස්ථාන සිතියම් ගත කොට එම සත්ව ගහණයන් හඳුනා ගැනීම ද කෙසේවත් විද්‍යාත්මක නොවේ.මක් නිසා ද යත් මෙම මූලික තොරතුරු විමසුමට ආසන්න වේලාවක ඒ අවට පාරිසරික තත්වයේ යම් වෙනසක් (උදා:රතිඤ්ඤා කරලක් දැල්වීම වැනි ) ඇති වුව හොත් එහි සත්‍ය දර්ශකය උඩු යටිකුරු වන බැවිනි. ඒ අනුව ඉහත සඳහන් වන සතුන් සම්බන්ධ මූලික තොරතුරු විමසීම මඟින් යම් සාධනීය ප්‍රතිඵලයක් ලැබීමට නම් එය නිශ්චිත වාර ගණනක් තුළ කිහිප වරක් ක්‍රියාවට නැංවිය යුතු ය. එදා මෙදා තුර අප රටේ බොහෝ දේශපාලනඥයන් මානව ජනාවාස වල වෙසෙන වන සතුන් හා නිවාස අහිමි සුනඛයන් සම්බන්ධයෙන් හිතෙන හිතෙන ගණන් ඉදිරිපත් කරමින් එම ප්‍රශ්න අතිශයෝක්තියට නංවා සමාජ ගත කළ බව ප්‍රකට කරුණකි. අපට වැටහෙන අයුරින් ඒ සඳහා ප්‍රධාන හේතුවක් තිබේ. ඉන් මුල්ම කරුණ වනුයේ බොහෝ දේශපාලනඥයන් තම නොහැකියාවන් මළවුන් පිට පවා පටවා ඇඟ බේරා ගන්නා පසුබිමක ඒවායින් කොටසක් වන සතුන් හා නිවාස අහිමි සුනඛයන් වෙතට පැටවීමට කෙසේ වත් පසුබට නොවීම ය. එමෙන්ම ඔවුන් කිසිදු බියක් නොමැතිව එසේ කිරීමට මුල් වන ප්‍රධාන හේතුන් දෙකක් තිබේ. වන සතුන් හා අසරණ සුනඛාදී සතුන් සම්බන්ධයෙන් එවන් අවිචාරවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කිසිදු සමාජමය විරෝධයක් පළ නොවීම ඉන් මුල්ම හේතුව ය. දෙවන හේතුව වනුයේ මිනිසුන්ට මෙන් එම අසරණ සතුන්ට ඡන්ද බලය නොමැති වීම මුල් කොට තම බලය පවත්වා ගෙන යාම සඳහා ඔවුන් ගෙන් කිසිදු පිටිවහලක් නොලැබීම ය.
වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව වන සතුන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සංවේදීතාවක් නොදක්වන බව පසුගිය කාලයේ එහි ප්‍රබලයන් පාර්ලිමේන්තුවේ දී පවා අවිචාරවත් අත්තනෝමතික කතා වලින් පැහැදිලි වී තිබේ. ඒ අනුව අපට හැඟී යනුයේ නූතන ගෝලීය ප්‍රවණතාවයක් වන සත්ව හිමිකම් සහ සුබසාධනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් තුළ ප්‍රමාණවත් දැනීමක් නොමැති බවකි.ඔවුන් තම ජීවිත කාලයෙන් වැඩි කොටස අසා හෝ කියවා දැන ගැනීමට වඩා කතා කිරීමට යොදවා ඇති බැවින් එහි කිසි අරුමයක් නැත.
ඒ කෙසේ වුව වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව වන සතුන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සංවේදීතාවක් නොදක්වන බව පසුගිය කාලයේ එහි ප්‍රබලයන් පාර්ලිමේන්තුවේ දී පවා අවිචාරවත් අත්තනෝමතික කතා වලින් පැහැදිලි වී තිබේ. ඒ අනුව අපට හැඟී යනුයේ නූතන ගෝලීය ප්‍රවණතාවයක් වන සත්ව හිමිකම් සහ සුබසාධනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් තුළ ප්‍රමාණවත් දැනීමක් නොමැති බවකි.ඔවුන් තම ජීවිත කාලයෙන් වැඩි කොටස අසා හෝ කියවා දැන ගැනීමට වඩා කතා කිරීමට යොදවා ඇති බැවින් එහි කිසි අරුමයක් නැත.
නමුදු විධිමත් වන සත්ව තොරතුරු එක් රැස් කිරීමක් විවිධ සාධනීය ක්‍රියාදාමයන් සඳහා යොදා ගැනීමට ද හැකියාවක් පවතින බව පෙනේ. මෙවන් වන සත්ව තොරතුරු විමර්ශනය සඳහා ඒ සම්බන්ධ දැනුම් අවබෝධයන් සහිත විද්වතුන් ගෙන් අවශ්‍ය උපදෙස් ලද අතර ඔවුන් කවුරුන්දැයි සමාජයට හඳුන්වා දීම ද ආණ්ඩුවේ ප්රමුඛ වගකීමකි.එමෙන්ම ඒ සම්බන්ධ ඉදිරි කටයුතු වලදී ද ඒ හා සම්බන්ධ දැනුම් අවබෝධයන් සහිත සම්පත්ධාරීන් ගෙන් අවශ්‍ය නිවැරදි විද්‍යාත්මක උපදෙස් නිවැරදිව ම ලබා ගත යුතු ය.එසේ නොමැතිව අතනින් මෙතනින් අහුලා ගත් නොවිධිමත් උපදෙස් මත මෙවැන්නක් සිදු කිරීම ගිරයෙන් ගොයම් කැපීමකි.එමෙන්ම වංචා දූෂණ නොවුව ද ඒවා ද මහජන මුදල් අවභාවිතාවන් ය.
එමෙන්ම ඉහත සඳහන් තොරතුරු විමසුමට ලක් කෙරෙන සතුන් ගේ සම්භවය වනය වුව වර්තමානයේ ජීවත් වන එම සත්ව ප්‍රජාවේ බහුතරය ඔවුන් ගේ නිජ බිම වන වනය මිනිසා විසින් අතිශය බරපතල දෙය වන සංහාරය කිරීම හේතුවෙන් මානව ජනාවාස ආශ්‍රිතව උපත ලද්දෝ වෙති. ඒ අනුව ඔවුන් සමූල ඝාතනය කිරීම හෝ රක්ෂිත වන කලාපයන්ට පලවා හැරීම වැනි අතිශය අසාර්ථක බොළඳ විසඳුම් කෙරෙහි යොමු නොවී ඒ සඳහා වඩාත් නිවැරදි,විද්‍යාත්මක හා තිරසාර උපාය මාර්ග වෙත යොමුවීම වත්මන් ආණ්ඩුවේ ප්‍රබල වගකීමක් බව අපි කල් ඇතිවම අවධාරණය කොට සිටිමු.මක් නිසා ද යත් ස්වාභාවික යුක්තියට එරෙහි වීමේ බිහිසුණු ප්‍රතිඵලය මඳක් කල් ගත වී හෝ ඒම පාර්ශවයන්ට ඒකාන්තයෙන්ම විඳ ගැනීමට සිදුවන බැවිනි.
රේණුකා දමයන්ති