අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක් ඊයේ(10) සිය නිල නිවාසය තුළදී දූෂණයකට ලක්ව තිබේ.ඊයේ පස්වරුවේ ඇය සේවය අවසන් කර නිල නිවාසයට ගිය අවස්ථාවේ පිහියක් පෙන්වා තර්ජනය කර මෙම අතවරය සිදු කර ඇත.සැක කරු සේවය අත හැර පැන ආ ආරක්ෂක සේවා සෙබලකු බව ද කියනු ලැබේ.ඊට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.මේ අතර මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ අදාළ පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවය.