අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක් පෙනේ.ඒ අතර තවත් සමහරෙක් විසින් එය විවිධාකාරයෙන් උපුටා දක්වමින්, එම වින්දිත වෛද්‍යවරිය පොලීසියට ලබා දුන් කට උත්තරය එම වෛද්‍යවරිය බව හැඟවෙන සේ කාන්තාවන් මගින් හඬ කවමින් තම යූ ටියුබ් චැනල් ප්‍රචාරය කර තිබේ.මෙවන් ලිංගික අපරාධයක් පවා තම බඩගෝස්තරය පිණිස යොදා ගැනීම; නැතහොත් ඉන් ආදායමක් ලබා ගැනීම අතිශයින්ම පිළිකුල් සහගත ය. මෙම වාර්තාකරණයන් මෙන්ම පුවත්පත්වල සඳහන් කරන ලද ඇයගේ කට උත්තරය ඇය විසින්ම සහ ඇගේ ඥාතීන් හිතවතුන් දන්නා කියන අය කියවන විට ඔන්න දැනෙන හැඟීම කවරක් විය හැකිද? යන්න අප සිතා බැලිය යුතු ය. එමෙන්ම එය කියවන විවිධ මානසික තත්ත්වයන් වලින් යුක්ත පුද්ගලයන් එය ග්‍රහණය කරගන්නා ආකාරය නොකිවමනා ය.

යම් වින්දිතයෙකු පොලීසිය හමුවේ මුහුණ දුන් සියලුම දේවල් නොසඟවා හෙළි කරන්නේ එමගින් තමන්ට යුක්තිය ඉටුවීම සහතික කර ගැනීම සඳහා මිස පුවත්පත් මඟින් එයට ප්‍රසිද්ධියක් ලබාදීමට හෝ යමෙකුට හඬකවා ප්‍රචාරය කරමින් තමන්ගේ යූ ටියුබ් නාලිකාවන් හි නැරඹුම් වාරයන් වැඩි කරගනිමින් ඉන් මුදල් උපයා ගැනීමට හෝ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති විකාශනයන්හි නැරඹුම් මට්ටම (රේටිං) ඉහළ නංවා ගැනීමට නොවේ.සියල්ලට පළමුව ඒ බව අවරධාරණය කළ යුතු ය. ඇත්තෙන්ම එවන් ස්ත්‍රී දූෂණය වැනි බරපතල අපරාධයක වින්දිත කාන්තාවක් තමා පොලිසියට ලබා දෙන කට උත්තරය මේ ආකාරයෙන් අවභාවිතා වන බව දන්නේනම් ඇය තමාට සිදුවූ අතවරය නිහඩව විඳ දරා ගන්නවා මිස කිසි විටක නීතිය හමුවට නොඑනු ඇත.

මෙවන් අවස්ථාවලදී වින්දිතයන්ට ඒ සම්බන්ධව නීතියේ පිළිසරණක් නොමැතිද ?
1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනතේ 365 (ඇ) (1)වගන්තිය යටතේ “ඇතැම් වැරදිවලට අදාළ කරුණු පළ කිරීම” යන ශීර්ෂය ඔස්සේ මේ සඳහා ඇති නෛතික ප්‍රතිපාදන පැහැදිලිව දක්වා ඇත.

මේ අනුව ඉන් කියවෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති ලිංගික අතවර කිරීම, ගණිකාවක් කිරීම සඳහා කුට්ටනය කිරීම, ස්ත්‍රී දූෂණය, බරපතල ලිංගික අපයෝජනය, ව්‍යාභිචාරය,ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම,සහ තැනැත්තන් අතර සිදුවන දැඩි අශිෂ්ට ක්‍රියාවන් හෝ අස්වාභාවික ලිංගික ක්‍රියාවන් යන වැරදි වලට ගොදුරු වන තැනැත්තාගේ නම හෝ අනන්‍යතාව හෝ හෙළිදරව් වන යම් කාරණයක් මුද්‍රණය කරන හෝ පළ කරන කවර හෝ තැනැත්තෙකුට අවුරුදු දෙකක් දක්වා බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කිරීමට සහ අමතරව දඩයක්‌ නියමකිරීමට ද හැකි බවකි.
මෙම ප්‍රතිපාදනයේ දක්වා ඇති”නම” හෝ “අනන්‍යතාවය” යන්නෙන් වෙනම අවස්ථාවන් දෙකක් දක්වා ඇත. එනම් නම සඳහන් නොකළද අදාල වින්දිතයා කවරෙක්ද? යන්න හඳුනා ගත හැකි වෙනත් ඉඟි ලබාදීම ද මේ අනුව නීති විරෝධී බව සැලකිය යුතු ය.

යම් ආකාරයකට එවන් දෙයක් පළ කරන්නේ නම් ඒ සඳහා වින්දිත තැනැත්තාගේ හෝ ඔහුගේ ලිඛිත අවසරය අවශ්‍ය බව ද, වින්දිත පුද්ගලයා මිය ගොස් සිටී නම්, බාලවයස්කරුවකු නම් හෝ සිහි විකල තැනැත්තෙක් නම් ඔහු වෙනුවෙන් ඔහුගේ දෙමාපියන් හෝ භාරකරු වෙතින් එම අවසරය ලබා ගත යුතු බව තවදුරටත් 365 ආ (2) ප්‍රතිපාදනයේ දක්වා ඇත.
එසේම365 ආ (3) වගන්තියේ තවත් ඉතා වැදගත් ප්‍රතිපාදනයක් දක්වා ඇත. ඒ අනුව ඉහත සඳහන් වැරදිවලට අදාළව යම් අධිකරණයක පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව යම් කරුණක් ඒ අධිකරණයේ පූර්ව අවසරය නොමැතිව මුද්‍රණය කරන හෝ පළ කරන කවර හෝ තැනැත්තෙකුට අවුරුදු දෙකක් දක්වා බරපතල වැඩ ඇතුව සිර දඬුවම් ලබාදීමට සහ දඩයක් නියම කළ යුතු බව දක්වා ඇත.

පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද “බී” වාර්තාවක සඳහන් කිසිවක් අධිකරණයේ පූර්ව අවසරයක් නොමැතිව ප්‍රචාරය කළ නොහැකි බවකි.
මීට අමතරව 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 20 වගන්තිය යම් අපරාධයක් සම්බන්ධව විමර්ශනයක් සඳහා ලබා දී ඇති ප්‍රකාශ හෝ රැස්කර ගත් තොරතුරු වලට අනුව වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවකුගේ අනන්‍යතාවය හෙළිවන කරුණු තුන්වන පාර්ශ්වයකට හෙළිදරව් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව සීමා පනවා ඇත.

මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද “බී” වාර්තාවක සඳහන් කිසිවක් අධිකරණයේ පූර්ව අවසරයක් නොමැතිව ප්‍රචාරය කළ නොහැකි බවකි.
මීට අමතරව 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 20 වගන්තිය යම් අපරාධයක් සම්බන්ධව විමර්ශනයක් සඳහා ලබා දී ඇති ප්‍රකාශ හෝ රැස්කර ගත් තොරතුරු වලට අනුව වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවකුගේ අනන්‍යතාවය හෙළිවන කරුණු තුන්වන පාර්ශ්වයකට හෙළිදරව් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව සීමා පනවා ඇත.

සාරධර්ම සුන්ව ඇති ආත්මාර්ථකාමී සමාජයක් තුළ අලුතින් නීති පැනවීම සහ තිබෙන නීති තදින් ක්‍රියාත්මක කිරීම සඳහා තරාතිරම නොබලා දඬුවම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් නැවත ඇති කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.අනෙක් අතට මෙවන් නීති නොතිබුණද අපරාධයට ගොදුරු වූ තැනැත්තිය තමාගේම දියණිය නම් තමන් කටයුතු කරන්නේ කෙලෙසද යන්න, සහකම්පනයකින් යුක්තව සිතා බැලීම මෙවන් වගකීම් විරහිත හැසිරීම් වලක්වා ගැනීම සඳහා පිටුවහලක් වනු ඇත.

නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

ඉරා අදුරුපට