දුම්රිය ස්ථානාධිපති වෘත්තීය අරගලය දිගටම

මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් අතර අද (24) පස්වරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා පාර්සල් බාරගැනීමේ සහ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

එමෙන්ම ඉදිරියේ දීත් තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් සෙසු දුම්රිය වෘත්තීය සමිති ද එකතු කරගනිමින් අනිද්දා(26) වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

කාලීන පුවත්