බහු විධ රාජ්‍ය ආයතන ඒකාබද්ධව විධිමත් අයුරින් කළ යුතු සත්ව සංගණන එසේ නොකිරීමෙන් විහිළුවක් බවට පත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 15 වන දා රජය මඟින් සිදු කළ වගා වගා කරන සතුන් පිළිබඳ සංගණනය පිළිබඳ අදහස් දක්වමිනි.රටක ඉදිරි ගමන උදෙසා සිදු කරනු ලබන සත්ව සංගණන දත්ත කේන්ද්‍රීය පදනමකින් යුතු විය යුතු බව පැවසූ විපක්ෂ නායක වරයා එසේ නොමැතිව සිදු කරන සංගණන විහිළුවක් පමණක්ම වන බව කීය.