මෙම දෙසැම්බරයෙන් ඇරඹෙන සංචාරක සමය තුළ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක් දක්නට ඇතත් ඔවුන් ගෙන් සැලකිය යුතු කොටසක් මුව වැසුම් පැළඳීම වැනි සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරන බව වාර්තා වෙයි.
විශේෂයෙන් හික්කඩුව,ගාල්ල කොටුව,උණවටුන මාතර පොල්හේන ආදී සංචාරක කලාප වල හැසිරෙන සංචාරකයන් මෙසේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වලින් බැහැරව කටයුතු කළත් අඩුම තරමින් මුව වැසුම් පැළඳීම වැනි සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස අවවාද කෙරෙන දැන්වීම් පුවරු වත් ඒ කිසිදු තැනක ප්‍රදර්ශනය නොකෙරෙන බව එම ප්‍රදේශ වාසීහු කියති.
අප රට තුළ දැනට පැන නැඟී ඇති උග්‍ර ඩොලර් හිඟය පියවා ගැනීමට මෙම සංචාරකයන්ගේ පැමිණීම අතිශයින් වැදගත් වුවත් ඔවුන් මඟින් ශ්‍රී ලංකාවට විවිධ කොවිඩ් ප්‍රභේද සම්ප්‍රේෂණය වීම රට ඊට වඩා බිහිසුණු අවදානමකට පත් කරවන්නක් බව දකුණු පළාතේ ජනයා කියති.
එමෙන්ම පසුගිය කාලය තුළ ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක් ව සිටි සංචාරක කර්මාන්තය හා සම්බන්ධ විවිධ ව්‍යාපාර පවත්වාගෙන යන්නවුන් ද එම අවදානම නොතකා සංචාරකයන් හා ව්‍යාපාරික සබඳතා පවත්වනු දක්නට ලැබෙන අතර මෙම තත්වය යටතේ යළි ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් ඉස්මතු වීම යළි රට වසා දැමීම තෙක් දුර දිග යා හැකි බව ද දකුණු පළාතේ ජනතාව පෙන්වා දෙති.