ලබන වසර මුල එළවළු හිඟයක්

ලබන වසර මුල එළවළු හිඟයක්
දැනට පවතින තත්වය මත ඉදිරි වසරේ මුල් මාස කිහිපය තුළ යළිත් මේ රට තුළ එළවළු හිඟයක් ඇති වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.ලබන වසරේ මුල් මාසය තුළ ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ලබාදුන්න ද ඒවායේ පලදාව ලබා ගැනීමට මැයි, ජුනි මාස දක්වා බලා සිටීමට සිදුවන බවත්, ගොවීන්ට ලබාදෙන පොහොර මිල අධික වුවහොත් යළිත් එළවළු මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව ද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි

කාලීන පුවත්