රාජ්ය සේවක වැටුප් සංශෝධනය ගැන චක්රලේඛයක් 2025 අයවැය මගින් යෝජනා කළ පරිදි රාජ්ය සේවකයන්ගේ වැටුප් සංශෝධනයට අදාල චක්රලේඛය නිකුත් කොට තිබේ.2016.02.25 දිනැති රාජ්ය පරිපාලන චක්රලේඛය 03/2016ට සහ ඊට අයත් රාජ්ය සේවක තනතුරු සඳහා දැනට පවතින වැටුප් පරිමාණ වෙනුවට නව වැටුප් වර්ධක 2025.01.01 සිට බලාත්මක කිරීමටත් 2025.04.01 දින සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව වැටුප් පරිමාන අනුව වැටුප් ගෙවීමටත් රජය තීරණය කර ඇති බව සඳහන් කරමින් එම චක්රලේඛය නිකුත් කර ඇත.