කඩා වැටුණු ගුවන් යානය ගැන බිමල් කළ කතාව ඇත්තක් ද?කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඔහු ගෙන් ප්‍රශ්න කර සිටියේ එම ගුවන් අනතුර ගුවන් නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවු බවට පසුගියදා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූ බවත් ගුවන් අනතුර සම්බන්ධයෙන් කමිටු වාර්තාව නිකුත් නොවී තිබිය දී එවැන්නක් ප්‍රකාශ කිරීම සුදුසු ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව නිකුත් වී ඇති බවත් ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව තවමත් නිකුත් වී නොමැති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා එම ප්‍රකාශය කොට ඇත්තේ ගුවන් යානය සම්බන්ධ වාර්තාව පදනම් කර ගනිමින් පමණක් බවත් ය.ඒ කෙසේ හෝ ඔහු එම අනතුර සම්බන්ධ නිසි හැදෑරීමකින් තොරව හා අනවබෝධයෙන් අත්තනෝමතික ලෙස ගුවන් නියමුවන් වෙත වරද පැටවීම ගුවන් හමුදාව තුළ සෙසු ආරක්ෂක හමුදා තුළ සේම ඒ සම්බන්ධ දැනුම් අවබෝධයයන් සහිත පිරිස් වෙතින් දැඩි අප්‍රසාදයක් පළ වී තිබේ.ඔවුන් පෙන්වා දෙන්නේ තමන් පිට පැටවෙන්නට එන වරද කාගේ හෝ පිට පටවා නිදොස් වීමේ බාල දේශපාලන උපාය මාර්ගය බිමල් රත්නායක අමාත්‍ය වරයා මෙහි දී ද යොදා ගෙන ඇති බවකි.

කාලීන පුවත්