තමන් ජනාධිපති ලේකම් ධුරය දැරූ කාලයේ දී මුහුණ පාන ලද ගැටළු හා දුෂ්කරතා ගැන පවසමින් එම ධුරයෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.ලබන ජනවාරි මස 31 වැනිදා තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බවද ඔහු එහි සඳහන් කර ඇතැයි පැවසෙයි.