කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි.
මෙම නිවේදනය ප්‍රභල අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් නිකුත් කර ඇත.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.