දුම්රිය ස්ථානාධිපතිවරුන් ටිකට් පත් නිකුත් නොකිරීමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නියැලීම මත ශ්රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන් ප්රවේශපත්ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණි බව වාර්තා වෙයි.ඔවුන් අතරේ තරුණ කණ්ඩායම් විශේෂයෙන් කැපී පෙනුණු බව ද කියනු ලැබේ.
ශ්රී පාදය කරුණා කිරීමට දුම්රියෙන් පැමිණි සියළුම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට හැටන් ලංගම ඩිපෝව මගින් සුපුරුදු පරිදි ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.