පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන්ව ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 12 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බවයි.
ඉන් දිස්ත්‍රික්ක 9 ක ඡන්ද පත්‍රිකා, මැතිවරණ කොමිසමට භාරදී තිබේ.තවත් දිස්ත්‍රික්ක 13 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිතව ඇතැයි ද රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සඳහන් කළේ ය.
මේ වනවිට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව, ලක්ෂ 7 කි.එම තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට යොමුකර ඇතැයි ද ඔහු පැවසුවේ ය.මේ අතර , පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුල් රක්ෂිත පැකට්ටු හෙට තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
සෙසු ආයතන 225 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා භාරදීම ප්‍රමාද වන්නේ, අධිකරණ ක්‍රියාමාර්ග පැවතීම හේතුවෙන් ය.පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23 සහ 24 දිනවල පැවැත්වෙයි.එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකියි.
ඡන්ද විමසීමට අදාළ රාජකාරි හේතුවෙන් සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ඊයේ සිට අවලංගු කෙරිණ.