ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07) සිදු කෙරිණි.2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින්, මෙම සංගණන මූලික වාර්තාව සකස් කර තිබේ.ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන් ය.
සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම අනෙකුත් ආයතන සඳහා ද ඉතා වැදගත් වන බව ජනාධිපති කාර්යාලය පවසයි. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කිරීමද මෙවර සංගණනයේ විශේෂත්වයකි.මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.