දුම්රිය ස්ථානාධිපති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපති වරුන් විසින් අද(26) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවත් එනමුත් පාර්සල් භාර ගැනීමේ හා ටිකට් පත් නිකුත් නොකිරීම එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය දන්වා සිටියි.නමුදු හෙට පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවැත්වෙන සාකච්ඡාවේදී තම ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාර නොලැබුණ හොත් සෙසු දුම්රිය වෘත්තීය සමිති ද එක් කර ගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය කියයි.

කාලීන පුවත්