වහාම ක්‍රියාත්මක වන පරිදි අද(27) සිට ඉන්ධන, හුනුගල් ,සිමෙන්ති සහ පිටි ප්‍රවාහනයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.අද සවස දුම්රිය සාමාන්‍යාධිකාරී සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මාධ්‍ය වෙත කියා සිටියේ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම සහ පාර්සල් භාර ගැනීම සහ ප්‍රවාහනය කිරීම යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අමතරව ඔවුන් මෙම සේවාවන්ගෙන් ඉවත් වූ බවයි.ඔවුන් කියා සිටියේ කනිෂ්ඨ දුම්රිය කාර්ය මණ්ඩල හිඟයක් පවතින බැවින් මෙහෙයුම් කටයුතු අතිශය දුෂ්කර වී ඇති අතර කොතෙකුත් ඉල්ලීම් කළ ද අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන නොමැති බව ය.අද සවස පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව කොලොන්නාව තෙල් පර්යන්තයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන අත්හිටුවීමට ද සංගමය තීරණය කොට ඇත.