ජා ජ බ ආණ්ඩුව භාර ගත්තේ ආර්ථිකය බිංදුවටම වැටී, තෙල් පෝලිම්වල මිනිස්සු ලැග සිටි රටක

ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගනිද්දී රටේ ආර්ථිකය බිංදුවටම වැටී, තෙල් පෝලිම්වල මිනිස්සු ලැග සිටි බවත් ලංකා ඉතිහාසයේ කියන දේ කරන ලද එකම ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.ණය ගෙවා ගන්න බැරිව තුන්වේල කන්න නොමැති රටක් ව පැවැති මෙහි තම ආණ්ඩුව බලයට බලයට පිහිටූ පසු ආර්ථිකය ස්ථාවර කරන ලද බවත් කියා සිටි ඉන් අනතුරුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් සිටින බවත් ටිල්වින් සිල්වා මහතා කීය.ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.

කාලීන පුවත්