මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිමාවත් සමඟ ජනතාව බලා සිටියේ ජනපති ගේ මුවින් පැවසෙන පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවා ගේ නම දැන ගන්නට ය.එහෙත්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස දැන් කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු සෙවීම එහෙම ආවාට ගියාට තදියමේ කළ නොහැකි දෙයක් සේම එය සීඅයිඩියේ වගේම උසාවියෙන් ඉටු විය යුතු කටයුත්තක් බව ය.මේ රටේ බුද්ධිමත් ජනතාවට එහි කිසිම ප්‍රශ්නයක් නැත.ප්‍රශ්නය ඇත්තේ පසුගිය අප්‍රේල් 21 ට පෙර පළමු පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු ගේ නම හෙළිකරන බවට ජනපති වරයා රැස්වීම් ගණනාවක කියා තිබීම ය.සාපරාධී ක්‍රියාවක් සම්බන්ධ සැක කරුවකු අල්ලා ගත් විට පොලූසිය හෝ සීඅයිඩිය මඟින් ඒ සම්බන්ධ යුක්තිය පසිඳලනු පිණිස ඒකා අධිකරණය හමුවට භාර කර ගනු මිස “ඔන්න අපි මිනී මරුවා,හොරා හොරා ඇල්ලුවෝ” කියමින් රාජ්‍ය නායකයා කෑ මොර දීම කවර හෝ දේශපාලනයකට අයත් ද දන්නේ ද ජනපති වරයාම විය හැක.
වෙනදාට නම් නාම යෝජනා භාර දීමත් සමඟ හැදෙන “මැතිවරණ උණ” රටම වෙලාගෙන ගොස් ඡන්දය අවසන් වීමෙන් පසු නිමා වේ.එහෙත් මෙවර එහෙමට මැතිවරණ උණක් තබා අඩුම ගණනේ තද බල සෙම්ප්‍රතිශ්‍යාවක් වත් කාටවත් වැළඳී ඇති ඇති බවක් දැන ගන්නට නැත. අතීතයේ අප කුඩා කාලයේ ගම් මට්ටමේ උණුසුම්ම මැතිවරණය වුණේ ගම් සභා ඡන්දයයි.
ඒ කෙසේ නමුත් මහ ජනතාවගේ මීළඟ මාතෘකාව වනු ඇත්තේ ගමේ ඡන්දය හෙවත් පලාත් පාලන මැතිවරණය බව පැහැදිලි ය.වෙනදාට නම් නාම යෝජනා භාර දීමත් සමඟ හැදෙන “මැතිවරණ උණ” රටම වෙලාගෙන ගොස් ඡන්දය අවසන් වීමෙන් පසු නිමා වේ.එහෙත් මෙවර එහෙමට මැතිවරණ උණක් තබා අඩුම ගණනේ තද බල සෙම්ප්‍රතිශ්‍යාවක් වත් කාටවත් වැළඳී ඇති ඇති බවක් දැන ගන්නට නැත. අතීතයේ අප කුඩා කාලයේ ගම් මට්ටමේ උණුසුම්ම මැතිවරණය වුණේ ගම් සභා ඡන්දයයි.ප්‍රදේශයේ ගම්සභාව නියෝජනය කරන්නට ගමේ නියෝජිතයා තෝරා ගැනීම සඳහා තරඟ වැදුණේ ගමේම කිහිප දෙනෙකි.එකල ගම් සභා කොට්ඨාශයේ නියෝජිත කමට නැත්නම් ‘මැම්බර් කමට”තරඟ කරන්නට අවශ්‍ය වුණේ නම යෝජනා කරන්නත් ස්ථිර කරන්නත් අත්සන් තැබීම සඳහා ගමේම ඡන්ද දායකයන් දෙදෙනෙක් කැමති කරවා ගැනීමත් පමණි.එසේ ගමේ දෙදෙනෙකු යෝජනා ස්ථිර කර ඉදිරිපත් වන ගම් සභා නියෝජිත අපේක්ෂකයන් ගමේ ගෙයින් ගෙටට ගොස් සතුටු සාමීචියේ යෙදී තමන්ගේ අපේක්ෂකත්වය ගැන කියා සහය ඉල්ලා සිටීම පුරුද්දක් විය.තමන් ගම් සභා නියෝජිතයා ලෙස පත්වුවහොත් ගමේ කිරීමට බලා පොරොත්තු වන වැඩ පීළිබඳව මුද්‍රණය කළ දැන්වීම් කොල ගමේ නිවසවලට බෙදා දීම ද අපේක්ෂකයන්ගේ පුරුද්දක් විය.1969 පමණ පැවැත් වූ පාලින්ද නුවර ගම්සභාව සඳහා අපේ ගමේ නියෝජිතයා තෝරා ගැනීමට පැවැත් වූ මැතිවරණයේ අපේක්ෂකයෙක් වුණු හැඩිගල්ල ජනපදයේ ජී.ඩී ආයුපාල මාමා බෙදා හැරි පත්‍රිකාවක තිබූ කවිය මට අදත් මතකයෙන් කිව හැකි ය.
බොරළුගොඩ අතලෙට
ගම් දෙක යා කිරීමට
පාලමක් දැමුමට
ඡන්දෙ දෙමු අපි ආයුපාලට
උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකු වූ ආයුපාල මාමා අලියා ළකුණින් ඉදිරිපත්වෙද්දී ඊටත් වඩා උග්‍ර යූඇන්පී කාරයෙකු හා ජේ ආර් ජයවර්ධන පුද්ගලිකවම දැන හඳුනාගෙන සිටි අපේ ළඟ ඥාතියකු වූ කඩේ ආත්තා නැත්නම් එම්. එච් සුවාරිස් අප්පුහාමි ඡන්දෙට ඉදිරිපත් වුණේ කුඩය ලකුණිනි.මේ කාලයේ කිසිවෙකුත් අද මෙන් පක්ෂ බදාගෙන දැඟළුවේ නැත. එනිසා ඡන්දය ඉල්ලන මිනිහා මිසක් ඔහු ගේ ගේ ළකුණ අලියා ද කුඩය ද යන්න ගම්මුන්ට අදාල නොවීය.පාර්ලිමේන්තු ඡන්දයේදී ඩඩ්ලි මහත්තයාටත් සිරිමා මැතිණියටත් ඡන්දය දෙන අය යූඇන්පී හා ශ්‍රී ලංකා කාරයන් ලෙස හැදින්විණි.පක්ෂ පදනමක් සහිතව ගමේ ඡන්දය ඉල්ලුවේ සමසමාජ පක්ෂය පමණි.එදා ඒ අනුව ගම්සභා ඡන්දයේදී මිනිසුන්ට දේශපාලන පක්ෂය කිසිසේත් වැදගත් වූයේ නැත.මහජනතාව කල්පනා කළේ තමන්ගේ නියෝජිතයා ලෙස තමන්ට වඩාත් සමීප හිතෛෂීවන්ත අවංක පුද්ගලයා තෝරාගන්නට ය.ඔහු තරඟ කළේ කවර පක්ෂයෙන්ද? නැතිනම් ස්වාධීනව ද යන්න එතරම් වැදගත් කොට සැලකුවේ නැත.ගම්සභා ඡන්දයේදී ඡන්දය භාවිතා කර නියෝජිතයා තෝරාගත් ගම්වාසින් පසුවදා සිට පක්ෂ විපක්ෂ ලෙස සණ්ඩු සරුවල් වුණේ කා කොටා ගත්තේ ද නැත.
පළාත් පාලන ක්‍රමයේ පදනම වනුයේ අදාල පළාත් පාලන ඒකකයේ පාලනය සඳහා එකී බල ප්‍රදේශයේ ජනතාව සම්බන්ධ කර ගැනීම ය.ජනතාව පළාත් පාලනය සඳහා සම්බන්ධ වන්නේ සිය නියෝජිතයා හෙවත් මැම්බර් මගිනි.වසර හතරකට වරක් මහජනතාවට තමන් අයත් බල ප්‍රදේශයේ පලාත් පාලන ආයතනය සඳහා ස්වකීය ගම නියෝජනය කරන මැම්බර් නම් නියෝජිතයා තෝරා ගැනීමේ අවස්ථාව ලැබේ .පලාත් පාලන මැතිවරණය යනු එයයි.
මේ අන්දමින් පැහැදිලි කරන්නට සිදුව ඇත්තේ වර්තමනයේ පළාත් පාලන මැතිවරණය යනු එක් එක් දේශපාලන පක්ෂ තම බලය තහවුරු කර ගැනීම සඳහා යොදා ගන්නා ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති බව පෙනෙන නිසා ය.පළාත් පාලන මැතිවරණයට දේශපාලන පක්ෂ ලෙස තරඟ කිරීමේ ඉඩ ප්‍රස්තාව ලැබුණේ නිදහසෙන් පසුව ය.එතෙක් හුදු ගම්වාසීන්ගේ නියෝජිතයන්ගෙන් සැඳුම් ලත් ගම්සභාව දේශපාලන පක්ෂවලින් පත්වුණු නියෝජිතයින්ගෙන් සැඳුම්ලත් දේශපාලන සභාවක් වීම ඇරඹුණේ එතැනිනි.ඉන්පසු ගම් සභා අහෝසි කර 1981,හඳුන්වා දුන් සංවර්ධන සභා ද සංවර්ධන සභා අහෝසි කර 1987දී හඳුන්වා දුන් ප්‍රාදේශීය සභා ද දේශපාලන සභා බවට පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිසිදු භේදයකින් තොරව ක්‍රියා කළේ ය.
අදටත් ප්‍රාදේශීය සභාව ව්‍යුහාත්මකව පවතින්නේ දේශපාලන පක්ෂ ක්‍රමයේ නියෝජිතයන්ට තරඟකාරීව ක්‍රියා කිරීමට වඩා මහජනතාවගේ නියෝජිතයන් ලෙස රැස්වී සාකච්ඡා කර සාමුහික තීන්දු තීරණ ගැනීමට පහසුවන පරිද්දෙනි.පළාත් පාලන ආයතන සඳහා නිල වශයෙන් තෝරා ගන්නේ සභිකවරුන් ලෙස මිස මන්ත්‍රී වරුන් ලෙස නොවේ.මන්ත්‍රී වරයා ලෙස හඳුන්වන්නේ කිසියම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඡන්දයෙන් පත් වන්නෙකි.සභිකයා යනු කිසියම් සභාවක සාමාජිකයෙකි. සාමාජිකයා පත්වන්නේ මහජනයාගේ නියෝජිතයා ලෙස මිස පක්ෂයක හෝ කණ්ඩායමක සාමජිකයෙකු ලෙස නොවේ. පළාත් පාලන ආයතනයක සභාපති හා උප සභාපති සමඟ සභිකයන් කණ්ඩායමක් පාලන කටයුතු මෙහෙයවති.එහි පාර්ලිමේන්තුවේ මෙන් පාලක පක්ෂය විරුද්ධ පක්ෂය කියා බෙදීමක් නැත.මහජනතාව පළාත් පාලන ආයතනයක නියෝජිතයා පත්කිරීමේ දී වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ පළාත් පාලන ආයතනයේ පාලන කටයුතු මෙහෙය වීමට හැකියාව සහිත දක්ෂ පුද්ගලයෙකු සිය නියෝජිතයා හෙවත් මැම්බර් ලෙස පත්කිරීමට ය. ඒ හැර තමන් නියෝජනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකු පළාත් පාලන ආයතනයට පත් කිරීමට නොවේ. දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකු හෝ එබඳු සංවිධානයක පාලනයට යටත් වන්නෙකු පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙකු ලෙස පත් කළහොත් මහජනතාවට ඔහු අරබයා පාලනයක් නැත. ඔහු වගකියන්නේ ඔහු අයත් දේශපාලන පක්ෂයේ නායකත්වයට මිස ප්‍රදේශයේ ජනතාවට නොවේ.පළාත් පාලන මැතිවරණ වලින් බලයට පත් වූ සභිකයන් දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවයන්ට ගැති වීමේ ප්‍රතිඵල ලෙස පළාත් පාලන ආයතන වල ද ද අණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස බෙදා වෙන් කිරීමක් කරගෙන තිබේ.මෙය පලාත් පාලන අයතනයේ නිල ව්‍යුහයට අන්තර්ගත නොවන අනීතික බෙදීමකි.එසේම විපක්ෂ නායක නම් තනතුරක් ද ඔවුන් විසින්ම නිර්මාණය කර ගෙන ඇත.ඒ අනුව විපක්ෂයේයැයි වෙන් කරන සභිකයන් පත් කළ මහජනතාවට නිරායාසයෙන්ම අතිවන හැඟීම වන්නේ තමන්ගේ නියෝජිතයා පළාත් පාලන ආයතනයේ පාලනයට හවුල් නොවන අයෙක් ය යන්න ය.
මෙය පාර්ලිමේන්තු ක්‍රමයෙන් ගමට බෝ වුණු අනවශ්‍ය ලෙඩකි.එය හරියටම කිරි හොද්දට මුසු කර ගත යුතු ලුණු තේ කෝපයට එක් කර ගැනීමකි.නමුත් මේ වන විට ඒ ලුණු මුසු තේ කෝප්පය ඉවත් කෙරෙනු වෙනුවට ඊට තව තවත් ලුණු මුසු වෙමින් පවතිනු දක්නට ලැබේ. පළාත් පාලන ආයතන ස්ථාපිත කර ඇත්තේ පොදුවේ මහජනතාව පාලනයට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මිස මහජන නියෝජිතයින් ගෙන් කොටසක් පාලන කටයුතු වලින් ඉවත් කර විරුද්ධ පාර්ශවය ලෙස නම් කර වාද විවාද කර ගැනීමට නොවේ.මේ නිසා සමස්ත පලාත් පාලන ක්‍රමයම විකෘතියක් බවට පත්කිරීමට ඊට තරඟ කරන දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය දැඩි සේ බලපා ඇත. මෙවන් තත්වයක් වර්ධනය වීමට ප්‍රධාන හේතුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අනීතික ලෙස පලාත් පාලන සභිකයන් හැඳින්වීම සඳහා මන්ත්‍රී යනුවෙන් වචනයක් භාවිතා කරන ලෙස නියම කිරීම ය.ඉන් පසු පළාත් පාලන නියෝජිතයන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ දී මෙන් බෙදී එකි`නෙකා විවේචනය කිරීමට මුල්තැන දුන්න මිස තමන්ට පැවරී ඇති කාර්යයන් සාමූහිකව බෙදා හදා ගෙන ඉටුකිරීමට කිසිවෙක් ක්‍රියා කළේ නැත නියෝජිතයින් එසේ බෙදෙන විට ගම ද ඉබේටම බෙදුණි.ඒ අනුව දැන් ජාතික මට්ටමේ සිට ගම දක්වාම මහජන නියෝජිතයන් බෙදී මහජනතාව ද බෙදී එකි`නෙකාගේ ඇද කුද පෙන්වනවා මිස ඵලදායී දෙයක් සිදු නොකිරීම නූතන දේශපාලන විලාසිතාවකි.ඊට වත්මන් ආණ්ඩුවේ ද පූර්ණ ධෛර්ය හා ශක්තිය ලැබී තිබේ.ඒ අනුව නිදහස් ගැමි ජනතාව මෙලෙස තම තමන්ගේ දේශපාලන කඳවුරු වලට ගාල් කර ගැනීම අතිශය සරල ලෙස කිව හොත් “ගම කෑමක් ” බව සැවොම තේරුම් ගත යුතු ය.
විවිධ පක්ෂ කණ්ඩායම් වලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ගේ පුද්ගල ගුණාංග ගැන අවධානය යොමුකර ගමේ සේවයට වඩාත්ම සුදුසු පුද්ගලයාට සිය ඡන්දය දී සිය නියෝජිතයා බවට පත්කර ගැනීම මහජනතාව වග බලා ගත යුතු ය. ඒ සඳහා ඔහු ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂය කුමක්ද?යන්න වැදගත් කොට නොසැලකිය යුතු ය.සියලු දෙනාම ඒ අන්දමින් සැලකිල්ලෙන් කටයුතු කළොත් විවිධ පක්ෂ කණ්ඩායම් අතර සිටින හොඳම පිරිසගෙන් සැදුම්ලත් සාමුහික පාලනයක් ඔස්සේ තම පළාත් පාලන ආයතනය සාර්ථක ලෙස පවත්වාගෙන යමින් තම ගම නගරය සංවර්ධනය කර ගැනීමට මහජනතාට අවස්ථාව හිමි වනු ඇත.එසේ නොකළ හොත් මේ වන විට රට පුරා පැතිර යන “ගම කෑමේ” ක්‍රියාවලියට අකමැත්තෙන් හෝ දායක වීමට අපට ද සිදු වනු ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මහජනතාව මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන තම පලාත් පාලන ආයතනය පාලනය සඳහා දේශපාලන පක්ෂයක් තේරීමට වඩා අවධාරණය කළ යුත්තේ තමන්ගේ කොට්ඨාශයේ නියෝජිතයා ලෙස වඩාත්ම සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමට කටයුතු කළ යුතු ය..විවිධ පක්ෂ කණ්ඩායම් වලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ගේ පුද්ගල ගුණාංග ගැන අවධානය යොමුකර ගමේ සේවයට වඩාත්ම සුදුසු පුද්ගලයාට සිය ඡන්දය දී සිය නියෝජිතයා බවට පත්කර ගැනීම මහජනතාව වග බලා ගත යුතු ය. ඒ සඳහා ඔහු ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂය කුමක්ද?යන්න වැදගත් කොට නොසැලකිය යුතු ය.සියලු දෙනාම ඒ අන්දමින් සැලකිල්ලෙන් කටයුතු කළොත් විවිධ පක්ෂ කණ්ඩායම් අතර සිටින හොඳම පිරිසගෙන් සැදුම්ලත් සාමුහික පාලනයක් ඔස්සේ තම පළාත් පාලන ආයතනය සාර්ථක ලෙස පවත්වාගෙන යමින් තම ගම නගරය සංවර්ධනය කර ගැනීමට මහජනතාට අවස්ථාව හිමි වනු ඇත.එසේ නොකළ හොත් මේ වන විට රට පුරා පැතිර යන “ගම කෑමේ” ක්‍රියාවලියට අකමැත්තෙන් හෝ දායක වීමට අපට ද සිදු වනු ඇත.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති