බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ඉල්ලුම් නොකළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද මිලියන 09 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම අංක නිකුත් කර ඇතැයි අනාවරණය වේ.
බැංකු පොලියට අදාළව රඳවා ගැනීමේ බදු සහනය ලබාදීම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.
මේ වනවිට රටේ ජනගහනයෙන් මිලියන 10 කට ටින් අංක නිකුත් කර තිබෙන බවත්, වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද තවත් මිලියන 07 ක් ටින් අංක ලබාගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත පැවසීය.