නුවරට අද සිට මහ වැසි

දළදා දැක්ම පැවැත්වෙන මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව අද (25) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතින බවත්, පස්වරු 02.00න් පසුව ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග අකුණු හා තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවැසීය.

එම නිසා එළිමහනේ සිටින ජනතාව අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් විය යුතු බවද ඔහු කීවේය.

දිවයින ආශ්‍රිතව සවස් කාලයේදී වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් මේ දිනවල පවතින බැවින් අද (25) ඇතුළු ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි අපේක්ෂා කරන බවත් ඒ අනුව මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වලටත් ඌව පළාතේ ඇතැම් කොටස්වලටත් සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

කාලීන පුවත්