දේශීය කිරි පිටි මිල වැඩි කර නැහැ

කිරිපිටි ආනයනයකරුවන් සිය නිෂ්පාදන මිල ඉහළ දැමීමක් සිදු කළ ද දේශීයව නිපදවන කිරිපිටි සන්නාමවල මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.. මෙවන් අවස්ථාවකදී පාරිභෝගිකයන් දැඩි ලෙස දුෂ්කරතාවයට පත් කිරීමට තම සමාගම සුදානම් නැතැයි ඒ මහතා පවසයි. තම ආයතනයේ ද කිරිපිටි හා දියර කිරි යන දෙකෙහිම නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතත් පාරිභෝගිකයාට සහනයක් සැලසීමට ආයතනය ක්‍රියාකරන බව ඔහු කියා සිටියි. කිරි නිෂ්පාදන අඛණ්ඩව කරගෙන යාමට ගොවින් දිරිමත් කිරීම සදහා රටපුරා දියර කිරි නිෂ්පාදකයන්ට දැනට ලබාදෙන කිසිදු සහනයක් නතර කර නැතැයිද සභාපතිවරයා පවසයි. නමුත් පාරිභෝගිකයන් එක පැකට්ටුවකට වඩා කිරි පිටි මිලදී ගන්නා බැවින් වෙළෙඳපොලේ තාවකාලික දේශීය කිරිපිටි හිඟයක් පවතින බව ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්