මේ වන විට බන්ධනාගාර ගතව සිටින සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය උපාධි අපේක්ෂකත්වය සම්බන්ධ කටයුතු අධ්‍යාපන බන්ධනාගාරයේ සිටම කරගෙන යාමට අවසර හිමි වී තිබේ.
රාමනායක මහතා විසින් කර තිබූ ඉල්ලීමක් අනුව අධිකරණ ඇමැතිවරයාගේ ද උපදෙස් පරිදි ඒ සඳහා අවසර ලිපිය ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිට අධ්‍යාපන කටයුතු සඳහා පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලැප්ටොප් පරිගණකයක් භාවිතයෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාල බාහිර උපාධි පාඨමාලා දේශන සඳහා සහභාගි වීමට රන්ජන් රාමනායක මහතාට අවසර හිමි වෙයි.
එමෙන්ම ඔහු හදාරන උපාධියට අදාල විෂය හා සම්බන්ධ පත පොත,අතිරේක සටහන් ආදියද බාහිර පාර්ශවයන්ගෙන් බන්ධනාගාරය තුළට ගෙන්වා ගැනීමට ද මේ යටතේ අවසර හිමිවෙයි.